Sunday, September 2, 2012

දගකාරි අවුරුදු කුමාරි තරගෙකට ගිහින්......




මේක මං පුංචිම පුංචි කාලේ සිද්දියක්. මට මතක විදියටයි අපේ අක්කා මතක් කරලා දෙන විදියටයි එතකොට මට අවුරුදු 5 ක් විතර ඇති. මං පුංචි කාලේ හරිම අහිංසකයිලු. චුට්ටක් වත් කරදර කරේ නැහැලු අක්කට. ඒකටත් හරියන්න දැන්.......

ඔන්න අවුරුදු කාලේ ආවා. මේ  දවස්වල අපේ ගේ කිට්ටුව තිබුනා අවුරුදු උත්සවයක්. ඒ කාලේ හැටියට ඒක ලොකු අවුරුදු උත්සවයක්. ඒක බලන්න ගියාම හැමෝම කිව්වා මාව සිගිති අවුරුදු කුමාරිට තරගෙට යවන්න කියලා.... ඒත් මට කිසිම තේරුමක් තිබුනේ නැහැ. රෙද්දක් හැට්ටයක් තිබුනෙත් නැහැ. ඒත් දැන් එක  පොරයයි මේකට යන්න. ඒ ගමන අපේ අක්කා ළග ගෙදරකින් සූටි රෙද්දක් ගෙනත් දුන්නා. ඇදගෙන හිටිය ගවුමට උඩින් තමයි රෙද්ද ඇන්දුවේ. මට තාම මතකයි ඒක. කොන්ඩේ මලක් වගේ උඩට කරලා ගැට ගැහුවා.

සිගිති අවුරුදු කුමාරි කෙනෙක් වෙනවා කියන එක ගැන නම් මට කිසිම හැගීමක් තිබුනේ නැ. ඒත් අක්කගෙන් බේරෙන්න බැරිවුන නිසා ගියා තරගෙට. අනිත් අය හැමෝම ලස්සනට ඇවිත් හටියා. කොන්ඩෙ මල් ගහලා ලස්සන රෙදි හැට්ට ඇදලා.  මං තමයි මෙලෝ රහක් නැතුව හිටියේ. ඒ දවස්වල නම් ඒකට දුක් වෙන්න වත් තේරුමක් තිබුනේ නැහැ.අක්කයි අයියයි අම්මයි දකිද්දි මං ඇඹරි ඇඹරි හිටියා හොදට මතකයි.
අපිට මුලින්ම කිව්වා රවුමක් යන්න කියලා. අලේ මන් දල්ලෑ මං රවුමට ගියා අනිත් අයත් එක්ක. ඊට පස්සේ ඉස්සරහ බලන් හිටපු අයට ආයුබෝවන් කරන්න කිව්වා. ඒකත් කරා.

දැන් ඊළගට තියෙන්නේ සිංදුවක් කියන්න. අපේ අයියා මට පාඩම් කරවලා තිබුනේ ගාථාවක්. එයා හැමදාම මාව ජෝක් එකට ගන්න එක්කෙනානේ ඉතිං.. :(  දැන් හැමෝම තාලෙට නැලවි නැලවි සිංදු කවි කියද්දි මට කියන්න වුනේ ගාථාවක්. ඒත් ඒක ගථාවක් කියලා දන්නෙත් ගොඩක් ලොකු වුනාම. ඒ කාලේ ඒක සිංදුවක් කියලා තමයි හිතාගෙන හිටියේ.. පී . ඉතිං මට ඒක අමතක වුනා කියන්න කිව්වම. මං ඉස්සි ඉස්සි අයියගේ දිහා බැලුවා. අර ටිකිරි මාරි ඇඩ් එක වගේ.... අයියා දුරින් ඉදන් කියනවා අසකි....අසකි.. කියලා. එතකොට තමයි ටිකිරි මොලේ වැඩ කරේ.

මට අපේ අයියා පාඩම් කරවපු ගාථාව තමයි මේ, ඒ කාලේ මතකෙන් ලියන්නේ. මේකේ අඩුපාඩු ඇති.

"අසකි සක්වල හැම
බඹ සුර නරෝ එක්වම
එක්වෙති නොවති සම
එවයින් මුනිරජ වේ අසම සම"

ඉතිං ඕක තමයි මං කිව්වේ. දැන් මතක් වෙද්දි මං පව් කියලත් හිතෙනවා.කොහොමත් දිනන්න ගිය තරගයක් නෙවෙයිනේ. අක්කලත් ජොලියට කරපු වැඩක්නේ.

කොහොම වුනත් අන්තිම වෙද්දි තරග ප්‍රතිඵල කිව්වා. 
ප්‍රථම ස්ථානය .....කියලා දගකාරිගේ නම කිව්වා...... සතුටුද කියලා ඇහුවා... ඒක අහන්නත් දෙයක්යැ. අනුන්ගේ රෙද්දක් නේ ඇදගෙන ගියේ....මොනා බලලාද දන්නෑ මං දිනුවේ. සමහර විට අපේ අයියගේ ගාථාව නිසාද දන්නෙත් නැහැ. තෑග්ගට ලැබුනේ සුදු පාට වීදුරු ජෝගුවක්. ඒක අපේ ගෙදර තාම තියෙනවා. ඒක තමයි එහෙම තරගෙකට ගිය මුල් සහ අන්තිම අවස්ථාව....මොනා වුනත් හරි සුන්දරයි...

මගේ පොටෝ එකක් වත් නැහැනේ ඒ කාලේ ගනිපු එකක්.

ඔය තියෙන්නේ අවු 6 දි විතර ගනිපු එකක්. තාමත් මං පොටෝ වලට ඉන්නේ ඇද වෙලා ඇස් උඩ තියාගෙන.... :)

27 comments:

  1. ඊට පස්සේ ඉතින් අර සිරස කුමරියට වත් අයැදුම්පතක් දැම්මේ නැද්ද? :P

    ReplyDelete
  2. හි හි.. ශෝයි!!! අපූරු පින්තූරෙ.. පොඩි කාලෙ කොහොම හිටියත් ලස්සනයිනෙ හෆ්ෆා.. ඇයි පුන්චි ලමයි මල් ව්අගේනෙ..:D

    ReplyDelete
    Replies
    1. ආ.. ඔව්නේ හිතු.. කොහොම හිටියත් ලස්සනයි...සූටි කාලේ

      Delete
  3. සිරස කුමරියට ගියත් 1 තමයි.. හරිය තොටියෝ.... පී

    ReplyDelete
  4. තාමත් මං පොටෝ වලට ඉන්නේ ඇද වෙලා ඇස් උඩ තියාගෙන.... :)

    ReplyDelete
    Replies
    1. ඔව් අවතාර්.. තාමත් එහෙමයි...:)

      Delete
  5. තිවංක පිළිමේ වගේ...හික්ස්ස්........

    ReplyDelete
    Replies
    1. හික්ස්...ඔන්න මතක් වුනා ඉතිං එකක් :/

      Delete
  6. මරු ළමා කාලයක් නේ දගකාරිට තිබිලා තියෙන්නේ...
    මට හිතා ගත්තෑකි මේයැයිව තරඟයට තියලා අයියයි අක්කයි හිනා වෙච්ච තරම... හික්ස් :)

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෝ...තාමත් හිනා වෙනවා...

      Delete
  7. මේ ලගදි දවසකත් නිලියෙක් වෙන්න ඉන්ටවිව් ගියා කියලා පත්තරේ තිබ්බා. ඒකට මොකෝ උනේ ඈ :P

    ReplyDelete
    Replies
    1. අනේ යනවා රෙපෝ යන්න. මාව දැකලත් හරියට කතා කරේ නැ රෙපා... ඉහි.. ඉහි

      Delete
  8. හරිම ෂෝයි හලූ......
    :) :)

    ReplyDelete
    Replies
    1. ඔව් හලූ... ඒ කාලේ නියමයි

      Delete
  9. සිගිති අවුරදු කඅමාරි නියමයි. අර මුල් තෑග්ග දෙන්න ඇත්තේ ගාථාවක් කියපු නිසා.

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්න එපා ඉතිං.. :(

      Delete
  10. මටත් ඔහොම මතකයක් තියෙනවා අපේ ඉස්කෝලෙ සිඟිති අවුරුදු කුමාරි වෙලා.මට හම්බුනේ උණුවතුර බෝතලයක් ඒක තාමත් මං ළඟ සුරැකිව තියෙනන්වා

    ReplyDelete
    Replies
    1. සිගිති අවුරුදු කුමාරි වෙනේකත් සෙල්ලම් නැ.. නේද කාව්‍යා..

      Delete
  11. හිනයක් එහෙම නෙවෙයි නේද? :p
    මම නම් හිතන්නෙ අයියගෙ ගාථාව හිංද තමා.

    ReplyDelete
    Replies
    1. අනේ යන්න ගිමන් .. අපි අවුරුදු කුමාරිට ගියත් 1 හරිය... පී

      Delete
    2. අන්තිම හරියෙන් දෑ...

      Delete
    3. අනේ යන්න හලෝ යන්න.. අපි දිනනවා... කොහේ වුනත් ඩී

      Delete
  12. කුමාරියක් ආහ් :)

    ReplyDelete
  13. කෝ පබ්ලිෂ් කල පෝසට් එක වැටිලා නැහැ.පොඩ්ඩක් බලන්න යාලු.

    ReplyDelete
  14. තරහ වෙන්න එපා කිව්වට

    මට මේ ෆොටෝ එක දැක්කම හිනා යනවා අප්පා ....

    ReplyDelete
  15. ශෝයි අනේ.. මාත් රෙද්දකුයි හැට්ටෙකුයි ඇදගෙන ඔහොම එකකට ගියා මතකයි,,
    දගකාරිගෙ සිහින නිම්නයට මාත් ආවා .. :)

    ReplyDelete