Sunday, August 5, 2012

නූපන් දෝණියට.........



තරු නෙතු දිලෙන ඉගිබිගි කෙලි            සිනාවා
මාගේ ඇසට තුටු කදුලැලි                  ගෙනේවා
පියතුම වෙහෙස දුරලන කවි                 කතාවා
දුක් දොම්නසට නුඹෙ හස වේ               ඉනාවා


බෝනික්කන්ට පණ ලැබිලා හඩනු         ඇසේ
සුරතල් හඩින් ඇසේවි නැලවිල්ලෙ         රසේ
නූපන් දුවේ මා ළය උණු කරන්            මෙසේ
නුඹ ඇයි පමා ඉඩ මදිවද මාගේ              කුසේ

16 comments:

  1. අනේ මට
    'නූපන් දුවේ මා ළය උණු කරන් මෙසේ
    නුඹ ඇයි පමා ඉඩ මදිවද මාගේ කුසේ'

    කියන පේලි දෙක දැනුනා හද පතුලටම.........
    හරිම හරිම හරිම/////// ලස්සනම ලස්සනයි යාලු!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි හිරු....

      Delete
  2. සංවේදී මාතෘකාවක් දඟකාරි කවියට නගල තියෙන්නෙ. ඔය ප්‍රශ්නෙ නිසා දුක් විඳින කී දෙනෙක් නම් ඇතිද!
    වෙනදා වගේම කවි ටික අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ගිමන්...කවි ලියන්න ශක්තිය දෙන්නේ ඔයාලගේ අදහස් තමයි:)

      Delete
  3. අනාගත සුභ නිමිති..:-D

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව... ඩී

      Delete
  4. ම්ම්ම්... සංවේදී කවියක්...හැම ගැහැනියක්ම කැමති කවදා හරි දවසක අම්මා කෙනෙක් වෙන්න.. ඒ හීනය ලස්සනට ඔයා කියලා තියෙනවා..

    ReplyDelete
  5. ඔය හීනෙම මටත් තියෙනවා. දගකාර දුවෙක් හදන හීනේ...ගොඩක් ස්තුතියි මේ පැත්තට ආවට..

    ReplyDelete
  6. කිරි සිහිනෙකට ඉව අල්ලන මාගේ හිතේ
    ඔබෙ මේ කවිය රැඳුණා හද පතුල දිගේ
    මැවෙනා හැම විටම නූපන් දෝණි අපේ
    කඳුළක් ගලනවා සතුටට කොපුල දිගේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කාව්‍යා....ඔයාගේ කවියත් ලස්සනයි

      Delete
  7. ලස්සනයි යාළු.
    ඔයාගේ සිහින සැබෑ වේවා...!!!!!

    ReplyDelete
  8. ඔන්න මාත් ආව සිහින නිම්නයට. කවි ටික වගේම චිත්‍රයත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සිහින නිම්නයට ගොඩ වැදුනට

      Delete