Friday, August 17, 2012

සියල්ල අවසන්ය.... එහෙත් නුඹ..?



 පළමුව
Black List කළෙමි
නුඹේ දු.ක
මකා සියලු මතක
මුහුණු පොත මත රැදි
Unfriend කර දැමුවෙමි
නුඹව..
එයිනිදු නොනැවතී
block list කළෙමි යළිත්
නුඹෙ මුහුණු පොත

සියල්ල අවසානය....

ඒ සියල්ල අවසන
නුඹ 
වෙනදටත් වඩා 
සුන්දරව
මගේ හදවතේ 
පළමු තැන හිද
හිනහෙනවා දුටුවෙමි.



ප.ලි.: මෙය කවියක් නෙවන බවත් නිකන්ම නිකන් සිතුවිල්ලකට අනුව පෙළ ගැසුනු පද පෙළක් බවත් කරුණාවෙන් සලකන්න

37 comments:

  1. කොහෙන් අමතක කරත් හිතෙන් ඈතට කරන එක නම් අමාරු වෙයි....

    ReplyDelete
  2. හිතේ එකක් තියාගෙන ලෝකෙට පෙන්න බොරු වැඩ නොකර හිටපන් ඈ :P

    ReplyDelete
  3. ඉහි..ඉහි...අනේ මන්දා රෙප් මහත්තයෝ මොනා කරන්නද කියලා :'(

    ReplyDelete
  4. කාටද අප්පේ ඔහොම කලේ? ඔච්චර දේවල් කරන කල් කැමැත්ත දුන්නා නම් ඉවරයිනෙ. :)

    ReplyDelete
    Replies
    1. මේක නිකමට ආපු සිතුවිල්ලක් ගිමන්.... දන්නේ නැද්ද හීලෑ නැති හිත නේ...

      Delete
  5. සිතුවිලි පෙළ ගස්සනවාට වඩා අමුවෙන් ලියන එකෙත් යම් ගතියක් තියෙනවා.. කාලෙකින් මේ පැත්තේ ආවේ!! ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. කාලෙකින් හරි අපු එක වටිනවා....ස්තුතියි අදහසට

      Delete
  6. මම නම් අද තමයි ඉස්සෙල්ලාම ආවේ.හොද බ්ලොග් එකක් වගේ කියලා හිතෙනවා.පෝස්ට් ටික කියවන්න හෙට එන්නම්කෝ..

    ReplyDelete
  7. ගොඩක් ස්තුතියි ආවට ධම්මික....

    ReplyDelete
  8. :( කොහොම උනත් මතකයේ ඇත.:(
    මක් කරන්නද ඉතින් සොයුරිය..:(

    ReplyDelete
  9. මටම ගැලපෙන සිතුවිල්ලක්.. නියමයි දඟකාරියෙ

    ReplyDelete
    Replies
    1. ආ.... ඔයත් මෙහෙම දෙයක් කරාද? :(

      Delete
  10. බුකිය නොහොත් ෆේස්බූක් එකේ අපි අනිත් අයට පෙන්නගෙන ඉන්න ප්‍රතිරූපය... හිත කියන්නෙ අපේ ඇත්තම ප්‍රතිරූපය... black list, block list තියා බොලොක්ක ලිස්ට් කලත් හිත නම් රවට්ටන්න බෑ .....

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හරි... මොනදෙයින් block කරත් වැඩක් නැහැ. හිතෙන් බ්ලොක් කරන්න බැරි නම්

      Delete
  11. හිතට නිකන්ම එන සිතුවිලි වල අපිටත් නොතේරෙන අර්ථ තියෙනව දගකාරී..... ඕක ලස්සනයි.... මටත් ලියවෙන්නෙ ඔය වගේ වචන තමයි!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිපුන... මේ පැත්තට සාදරෙන් පිළිගන්නවා...

      හිතුවෙවත් නැති වෙලාවට හිතට එන දේවල් සුන්දරයි තමයි....:)

      Delete
  12. අමතක කරන්ඩ හදන ඒවා ම මතකයේ තියෙන එක තමා අවුල..
    ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  13. මගේ ප්‍රොෆයිල් එකටත් ඔය ටිකම කරා එක ලලනාවක් :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජා මොනා හරි අලුගුත්තේරු වැඩක් කරන්න ඇති.එතකොට තමයි ඔහොම කරන්න හිතෙන්නේ...

      Delete
  14. " නුඹේ දු(.)ක
    මකා......"
    ඇත්තටම ඒක එහෙමද?

    ReplyDelete
  15. අෆ්ෆට සිරි කතාව එහෙමද යන්නේ? සුබැහැ පැතුම් ආහ් :)

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි අප්පා..

      Delete
  16. නිකන් හිතට අවට දහසකුත් සිතිවිලි වලට කියන බැරි දෙයක් අකුරු කරලා තියන හැටි නම් අපුරුයි

    ReplyDelete
    Replies
    1. ‍ස්තුතියි සචිත් :)

      Delete
  17. කවිය යනු නිදහසේ ලියවෙන පද පෙළක් තම හොද කවියක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ෂැගී මේ පැත්තට ගොඩවැදුනට...

      Delete
  18. නිකම් ම නිකන් සිතුවිල්ලක් වුනත් හොඳට ගලපලා දඟකාරී..

    මම
    තාම
    යනවා
    එනවා
    ඔබේ
    පිටුවට
    බැරි වුනා
    මට
    "unfriend"
    කරන්න
    තාමත්
    නුඹව....

    ReplyDelete
  19. ඉන්නට බැරිම විය
    find friend
    ඊලගට
    add friend
    අයියෝ...තාම නෑ.......
    confirm.....
    හැමදාම මුහුණු පොත
    ආපු ගමන් ඔබව සෙවුවෙමි........


    අයියෝ සල්ලි....
    නියමයි යාළු.....

    ReplyDelete