Wednesday, August 29, 2012

ජීවිතයෙන් දවසක්.....

එදා මං ඔෆිස් රාජකාරිවලට ක්ෂේත්‍රයට ගිය දවසක්...
දෙකට විතර වැඩ ඉවර කරලා දාඩිය පෙරාගෙන දුම දාගෙන ගෙදර දුවන් ආවේ. බඩගින්නයි මහන්සියයි දෙකම තිබුනා.
ගෙදරට එද්දි අයියයි අක්කයි අක්කගේ මහත්තයා මගේ මස්සිනා අයියයි අක්කගේ දරුවො දෙන්නයි සේරම ඇවිත් හිටියා. හැමෝම හිනා වේවි සතුටින් හිටියේ. හරියට පුංචි මගුල් ගෙයක් වගේ. කාලෙකින්නේ කට්ටියම එකට කන්නේ. අම්මා ඉතිං එහාට මෙහාට වේවි කන්න දෙනවා. අතනට මෙතනට දුවනවා. 
මං හිටියේ අලි බඩගින්නක.
අරෙහෙන් මෙහෙන් අත හොදගෙන මං
"අම්මේ.............. කට්ටියම කාලද?........"
බත් බෙදන ගමන්ම මං කෑ ගැහුවා
"හැමෝම කාලා..... ඔයාට ඇතිවෙන්න බෙදාගෙන කන්න...."
අපේ අම්මගේ සැම්පලේ දන්න නිසා මං අයෙම ඇහුවා
"අම්මේ.......ඔයා කෑවද?........"
"මං කාලා .., ඔයා ඇතිවෙන්න බෙදාගෙන කන්න"
"අම්මෙ එහෙනම් මං මේ.......සේරම බෙදා ගන්නවා....."

එහෙම කියලා මං තිබුනු එලවලු ජාති සේරම බෙදා ගත්තා. සෙල්ලම් බඩගින්නක නෙවෙයි හිටියේ.
මං කාලා බීලා කරලා සේරම ඉවර වෙනකොට අක්කලත් ගිහින්. ගෙදර තිබුනේ පාලු ගතියක්. මං ඉතිං හෙමිහිට මූණු පොත පැත්තට එන්න කොම්පිතරේ ළග ඉදගත්තා.

එතකොට තමයි මං දැක්කේ ඉතුරුවුන බත් ටිකකුයි හරියට එලවළුවක් වත් නැතුව අම්මා කන්නේ ඒ වෙලාවේ බව...ඒවෙනකම් දරුවන්ගේ කුස පුරවපු අම්මා තමන්ගේ කුසගින්න අපි වෙනුවෙන් ඉවසුවා....

මට ඒ වෙලාවේ හිතට ඇති වුන හැගීම ගැන කියන්න මං ළග වචන නැහැ...

27 comments:

  1. අම්මා කියලා කියන්නේ ඒ නිසාලු අම්මට..

    ReplyDelete
  2. කමෙන්ට් කරන්නේ මොනවද කියලා හිතා ගන්ඩ අමාරුයි.
    හිතට වදින මාතෘකාවක් !

    ReplyDelete
    Replies
    1. හ්ම්... අම්මා ගැන කියලා ලියලා ඉවර කරන්න බැහැ

      Delete
  3. අම්මා කෙනෙක්ගේ ආදරේ මනින්න බැහැ... සංවේදී ලිපියක්..

    ෴සිද්ධිය෴

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරණ්‍ය

      Delete
  4. අයියෝ මගේ කමෙන්ට් එක නැතෝ...

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන ටික මැදෑ..... ඩී

      Delete
  5. හැම අම්මා කෙනෙක්ම එහෙමයි..ඒක තමයි "අම්මා" කියන්නේ ලෝකේ තියෙන වටිනාම වචනේ වෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ඔව් නාඩි....අම්මා නැති දවසට නාඩි වැටෙන එකත් අපේ නතර වේවි..:'(

      Delete
  6. අම්මලා පව්..දුක හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ධම්මික.. අම්මලා පවි

      Delete
  7. ...........................................................................................................................................ෂික්.අවුල් අප්පා................. :(

    ReplyDelete
    Replies
    1. ඔව් හිරූ.. මාරම අවුල් :(

      Delete
  8. Replies
    1. රොබින් කුරුල්ලෙකුත් ඇවිත්.. ස්තුතියි

      Delete
  9. මටත් ඔහොම වැඩ වෙලා තියෙනවා. අම්මලා ඔහොම තමා. ඊට වඩා අපි වෙනුවෙන් කැපවීම් කරන තවත් කෙනෙක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ගිමන්... මටත් ගොඩක් ඔය වගේ දේවල් වෙලා තියෙනවා. ඔය එක දවසක සිදුවීමක් විතරයි

      Delete
  10. අම්මලා එහෙම තමයි. වේලක් නොකා හෝ දරුවන්ගේ කුස පුරවනවා. එවන් මවුවරු ගුණ කෙසේ කියන්නද

    ReplyDelete
    Replies
    1. ඔව් දයානන්ද අයියේ...

      Delete
  11. අත්දැකීම් ඇත්තෙමි
    :( :(

    ReplyDelete
    Replies
    1. මටත් එමටය...
      ලිව්වේ ටිකමය...

      Delete
  12. හ්ම්ම් උඹත් අම්ම කෙනෙක් වෙච්ච දවසට ඔය වගේම වෙයි. අම්ම කෙනෙකුට ලෝකේ වැඩිපුරම වටින්නේ තමන්ගේ දරුවෝනේ....

    ReplyDelete
    Replies
    1. හ්ම්.. දරුවොන්ට ආසයි...

      ස්තුතියි රෙප් මහත්තයා

      Delete
  13. මටත් ඔය වගේ අත්දැකීම් දෙකතුනක්ම තියෙනව...ඒ වෙලාවට ලෝකෙම එපා වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව්.. හරි දුකයි හිතට

      Delete
  14. කොයි අම්මත් ඔහොම තමා දඟකාරි... තමන්ගේ කුසගින්න ,මහන්සිය ගැන හිතන්නේ නැතිව දරුවන් ගැන තමා හිතන්නේ.. ඒකනේ ඒ අයට අම්මලා කියන්නේ

    ReplyDelete