Sunday, August 19, 2012

බාලේ බැදි ආලේ......

මටත් තිබුනනේ බාලේ බැදි ආලයක්.... මේ කියන්න යන්නේ ඒ කතාව

එයා මගේ නැන්දගේ පුතා. මට වඩා මාස 3 යි වැඩුමල්. හිටියේ ඉස්සරහ ගෙදර. මෙයා ඉපදිලා මාස තුනකින් මං ඉපදුනේ. සුටි කාලෙ ඉදලා එකට හැදුන නිසා අපි දෙන්න හරිම යාලුයි. ඒ කියන්නේ එයා නැතුව මෙයාට බැ මෙයා නැතුව එයාට බැ..අපි දෙන්න රන්ඩු කර ගත්තේ එකම එක දේකටයි. ඒ එයා මට වඩා සුදුයි. එයා හරි ආඩම්බරෙන් හිටියේ ඒකට. ඒත් ඉතිං මාව නැතුව නම් කිසි දෙයක් බැහැ. මං එයාගෙ නංගිනේ. මෙය මට කිව්වේ නන්දි කියලා මං කිව්වේ අන්දි කියලා. අය්යනේ ඉතිං. මෑතක වෙනකම්ම එයාට කට්ටිය කතා කරේ අන්දි කියලා. 
     අපි දෙන්න සෙල්ලම් කරේ එකට. මං කොම්පිට්ටු හැදුවම එයා කරේ එවා කඩලා බිදලා දාන එක. අපිට සෙල්ලම් බඩු තිබුනෙ නැහැ සෙල්ලම් කරන්න. එයා තමයි සුටි සුටි සෙල්ලම් බඩු මට හදලා දීලා විරයා වෙන්නේ. අපේ සෙල්ලම් ගෙදර එයා තාත්තා මං අම්මා. මං දරුවො නළවනවා. එයා කැම හොයන්න යනවා.
    ඔන්න  ඉති ඔහොම ඉන්න කොට අපි දෙන්න දැන් මොන්ඩසෝරි යන වයසේ. අන්දියා කරේ වැඩි පුරම කට්ටි පැනපු එක. අපි දෙන්නම සමහර දවස්වල කට්ටි පනිනවා. දෙන්න එක්ක කැලේ සෙල්ලම් කරලා වෙලාවට ගෙදර යනවා. මොන්ඩසෝරි යනවට වඩා කැලේ කොලේ ඇවිදින එක කොයිතරම් සතුටක්ද? අපේ අක්කන්ඩි නම් මට මේවට හොදට දඩුවම් කරා. ඩී... ඒ ඉතිං මං කැලේ කොලේට යයි කියලා බයටනේ. ඔය කාලෙම තමයි අන්දි කිව්වෙ‍ මං කවදහරි නන්දිව කසාද බදිනවා කියලා. ඒක හැමෝටම කිව්වා. ඩී... තේරුමක් ඇතිව නෙවෙයි ඉතිං.

අපි දෙන්නට එක ළග පුටු දෙකක් නැති වුනොත් අඩනවා දෙන්නම. අන්දි නැතුව නන්දිට බැහැ. හැමදාම කොහොම හරි එක ළග ඉදගන්නවා. එයා වැඩිපුර කරේ සෙල්ලම් කරපු එක. මං නම් සුට්ටක් විතර දස්සයිලු එයාට වඩා.
ඉතිං කොහෙමෙ හරි ඉස්කෝලෙට දැම්මා.  අපේ අක්කා තමයි මාව භාර දුන්නේ. එක දවසයි දෙන්න ඉස්කෝලෙ එක්කගෙන ගියේ. ඊළග දවසේ ඉදන් අන්දි කිව්වා අක්කේ ඔයා එන්න එපා මං නන්දිත් එක්ක ඉස්කෝලේ යන්නම් කියලා. එයා විරයා වෙලා ඉදිරිපත් වුනා. එදායින් පස්සේ හැමදාම අපි දෙන්න තනියම ඉස්කෝලෙ ගියේ. ඉතිං පාර දිගේ ගඩා ගෙඩි කකා ඉස්කෝලෙ ගිහිපු කාලෙ නම් හරිම සුන්දරයි. පන්තියේ අපි දෙන්න හිටියේ එක ළග. එක ළග ඕන කියලා දෙන්නම ඇඩුවා. අපි දෙන්න ළග නපුරු වස කොල්ලෙක් හිටියා. අපි දෙන්නටම හරියට කරදර කරා. අන්දිගේ අයියා එතකොට 4 වසරේ. එයා තමයි ඇවිත් අපි දෙන්නව බේර ගන්නේ.

          අපි දෙන්න ඔය විදියට හැමදාම ඉස්කෝලේ ගියා. අන්දි මට ගැහුවම මං හොදටම අඩනවා. ආයෙම එයාම ඇවිත් මාව යාලු කර ගන්නවා. ගෙදර ගිය වෙලාවෙ ඉදන් කැලවල් වල තමයි අපි දෙන්නා හිටියේ. අපේ අක්කා ඇවිත් දෙන්නටම ගහලා එක්කගෙන යනවා.
       ඔය කාලේ තමයි අපේ අක්කා කැම්පස් ගියේ. අක්කා මාව එක්කගෙන යන්න එනවනම් මං හරිම ආසයි. කවදාවත් කවුරුවත් අපි දෙන්නව එක්කගෙන යන්න ඇවිත් නැහැනේ. ඒ නිසා මාර ආසයි. අක්කා කියනවා පැටියෝ මං ඊළග සදුදා ගෙදර එනවා. එනකොට ඔයාව එක්කගෙන යන්න එන්නම් කියලා. අනේ ඉතිං අපි දෙන්නා ඉස්කෝලේ ඇරිලා පාරට වෙලා බලන් ඉන්නවා අක්කා එනකම්. දවසක් ඔහොම ඉදලා පාරෙ යන මනුස්සයෙක් අපි දෙන්නට ටොපිත් අරන් දීලා කිව්වා. අක්කා ආවම මං එවන්නම් දැන් දෙන්නම යන්න කියලා. ඊය පස්සේ තමයි ගියේ. ඉතිං අක්කා ආවේ නැති වුනාම හරිම දුකයි. දැනුත් ඒ දුක මට දැනෙනවා. සුටිම කාලේ ඇතිවුන සුටිම අහිංසක බලාපොරොත්තුවක්. ඒත් ඒක ඉටු වුනේ නැහැ. :'( අක්කා ඉතිං බොරුවට අපි අඩනවට තමයි අරෙහෙම කියලා තියෙන්නේ.

            ඔය වගේ එක දවසක් හොදටම වැස්ස. ගංවතුර ගලලා. අපි දෙන්නා ඉස්කෝලේ ඇරිලා අන්දිලාගේ ආච්චි කෙනෙක්ගේ ගෙදර ගිහින් එහෙන් කාලා හොදට නිදා ගත්තා. අපිට නිකම් වත් හිතුනේ නැ අපි දෙන්නව හොයාවි කියලා. අම්මයි නැන්දයි අපි දෙන්නවා හොයනවලු අඩ අඩා. අනේ මේ දරු දෙන්නා කෝ. අද කුකුලෙකුත් ගහගෙන ගිහින්ලු කිය කිය.. පස්සේ බැරිම තැන තමයි ආච්චිලහට ඇවිත් තියෙන්නේ. එනකොට අපි දෙන්න හොදටම නිදි. අවු 8 දරු පැටවුනේ ඉතිං.

ඔහොමම අපි දෙන්න ලොකු වුනා. හැමදාම ඉස්කෝලේ ගියේ එකට. අපි සිස්සත්වෙත් ලිව්වා දෙන්නම පේල්.. ඩී. ඊට පස්සේ ලොකු ඉස්කෝලෙට ගියා 6 වසරට. ඒත් එකටමයි. ඒකාලේ අපි කුරුදු ඉඩම් වලයි රබර් වතු වලයි තමයි කරක් ගැහුවේ. අපේ අම්ම නම් කිව්වේ ගොඩම් බැද්ද පූ කරනවා කියලා. අපි රබර් වතු වල තියෙනු පොඩි දිය පාරවල් වල (ඒ කාලේ නම් අපිට ඒවා ගගවල් වගේ) අපි දෙන්න මැණික් ගරනවා,තිත්තයො අල්ලනවා.....පී.. කොහොමද මැණිකක් වත් හම්බවුනා නම්...හැමදාම රතු කට්ටයි නිල් කට්ටයි හම්බවෙනවා.

අපි දෙන්න ඊළගට හොයා ගන්න පුලුවන් තැන් තමයි මාර ගහ යටයි. කජු ගස් යටයි. අපි දෙන්න අතුරැදන් වුනාම අම්මයි අයියයි අක්කයි අපි දෙන්නව හොයාගෙන එන්නේ ඔය තැන් වලින් තමයි. මාර ගහ බාප්පලගේ. කජු ගහ අපේම යාලුවෙකුගේ. හොරාට තමයි ඒවායි කජු කැඩුවේ. අපි දෙන්න හොරකමටත් දස්සයි.
අපි 7 වසර වෙද්දි සුට්ටක් ඇත් වුනා. ඒත් ඒ ඉස්කෝලෙදි විතරයි. මගතොටේදි එකටමයි හිටියේ.අනේ ඇත්තටම මුන් දෙන්නා බදිවිද දන්නේත් නැහැ කියලා ඕන තරම් නැන්දා එහෙම කියනවා මට ඇහිලා තියෙනවා.  8 වසර වෙද්දි මං සුට්ටක් ලොකුයි. කොල්ලෝ එහෙම ටිකක් බලනවා වැඩියෙන්. අන්දිට ඉතිං යකා නගිනවා. මං කොල්ලෝ දිහා බලනවා කියලා රන්ඩු කරනවා. ගෙදරට කේලම් කියනවා. වැඩ ගොඩායි ඉතිං..

ඔය කාලේ මගේ ජීවිතේ යං විසේස සිදුවීමක් වුනා. අන්දිට මෙලෝ තේරුමක් නැහැ. මේ විජ්ජුම්බරේ මොකක්ද කියලා..

එයා ඒකට පුතිචාර දක්වපු විදිය ඊළග පොස්ට් එකෙන් කියන්නම්....

දිග වැඩි වුනාද මන්දා





44 comments:

  1. මේකට කිසිත් නොකියමි. ඉක්මනට ඉතුරු ටිකත් දාපන් ඈ :P

    ReplyDelete
  2. අනේ ශෝයි!!! මට කියවන් යද්දි මැවිලා පෙනුනා චූටි එවුන් දෙන්නෙක් අත් අල්ලගෙන කුඹුරු වල දුවනවා, එකට ඉස්කෝලෙ යනවා, සෙල්ලම් කරනවා.. මේක ඇත්තම ඇත්තද??

    ඉක්මනටම ලියන්නෝ.............

    ReplyDelete
    Replies
    1. ඇත්තම ඇත්ත... ඒකාලේ තිබුනු කුඹුරුයි කැලෑවලුයි අද නැහැනේ. එහෙනම් ඒවගෙන් අහගන්න තිබුනා. ඒ තරමට අපිට සමීපයි ...

      Delete
  3. හයියෝ හොඳම හරියෙන් නැවැත්තුවනේ! දැං ඉතිං බලා ඉන්ට එපැයි :(
    කෝම උනත් අපූරු කතා පොඩ්ඩ! හොඳ ළමයා වගේ ඉතුරු ටිකත් ඉක්මණට කියන්න හොඳේ!

    ReplyDelete
    Replies
    1. දාන්නම් දාන්නම්... පොඩි ඇඩ් එකක් දැම්මේ ඩී. එතකොට ඊළග සතියෙත් බලනවනේ..

      Delete
  4. මටත් මේ වගේම අතීත කතාවක් තියනවා ලස්සන සුන්දර මතකයක් ............

    ReplyDelete
    Replies
    1. අපිත් ආසයි දැනගන්න...සචිත් දාන්නකෝ ඒ ගැනත්

      Delete
  5. කියෙව්වෙමි. ප්‍රතිචාර පසුවට :)

    ReplyDelete
  6. ඇත්තටම අපිටත් ලොකු ප්‍රශ්නයක් උනා 7දී 8දී ගෑනු ළමයි එක පාරටම සති 2/3 නිවාඩු ගන්න එක ....

    ReplyDelete
    Replies
    1. හ්ම්..මගෙ මස්සිනා පොඩ්ඩ නම් යුද්ධ ප්‍රකාශ කරා...මං පේන්න නැති වෙනකොට

      Delete
  7. ඒක ඇත්ත.ඇයි ඒ කාලෙට ගෑනු ළමයි එහෙම නිවාඩු ගන්නේ කියලා මටත් විශාල ප්‍රශ්නයක් වෙලයි තිබුනේ.

    අනේ ඉතින් මටත් බාලේ බැදි ආලේ කියලා කියන්න කතාවක් නෑනේ

    ReplyDelete
    Replies
    1. හැමෝටම එහෙම කතා නැ ...ධම්මික.. ඒවටත් ඉතිං පෙර පිං තියෙන්න ඕනලු :P

      Delete
  8. ඉතුරු ටික දාන්ඩෝ..ඉක්මනට ඕනේ..
    :D

    ReplyDelete
    Replies
    1. ඔයා දැක්ක කල්. කොහෙද අප්පා හිටියේ...

      හෙමිහිට දාන්නම්කෝ ඉතුරු ටිකත්...:)

      Delete
  9. එල එල ඈ!!!නෑනෝ......කට තිබුනට මුණ පුරා...කතාවක් වගේ ඈ!!!!

    ReplyDelete
    Replies
    1. හික්ස්.. බොරු කතන්දරයක් නෙවෙයි ඈ.. නාඩියෝ .. මේක සිරා කතාවක්

      Delete
  10. අඩේ පට්ටනේ.....මැවිලා පෙනේවි රූපේ....කෝ ඉතුරු ටික...

    ReplyDelete
    Replies
    1. අන්දියා නම් කිව්වේ ඔහොම නෙවෙයි


      "සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ" ඔහොම තමයි ඇහුවේ...

      Delete
  11. Replies
    1. ලියනනවෝ... ටිකක් ඉන්ඩෝ.....

      Delete
  12. කියෙව්වා..උනේ මොකද්ද කියලනම් හිතා ගන්න පුළුවන්...):D

    ReplyDelete
    Replies
    1. "සිතුදේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි"


      විමුක්ති හිතපු දේ හරිද බලමුකො ඊළග පොස්ට් එකෙන්

      Delete
  13. හ්ම්ම්.. මේකට හරිම කමෙන්ට් එකක් දාන්න නම් ඊලඟ කොටසත් කියවන්නම වෙනවා...

    ReplyDelete
    Replies
    1. තව ටික දවසකින් දාන්නම්කෝ....

      Delete
  14. මට නං බාලේ තියා දැං වත් නෑනෙ ආලේ :(


    (1-දෙවියනි මට රකුසු මුහුණක් ලබා දුන්නේ ඇයි?
    2-බොරු කියල ගෑණු ගේන පුරුද්දක් අපේ පෙලපතට නෑ!)

    :DDDDDDDDDD

    No woman,No cry කියල කියනව ලැජ්ජාව වහගන්න :D

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හික්ස්.. බටපොලය මල්ලි කුස පබා බලලා තියෙනවා වගේ..

      දුක් වෙන්න එපා ඔයාටත් පබාවතියක් ලැබේවි :p

      Delete
    3. මම සිංහල ෆිල්ම් බලන්නෙ නැ අක්කියා..
      බලන්න දෙයක් නෑනෙ ඒවයෙ!

      හෆෝයි මට නං පබාවතී කෙනෙක් එපෝ....
      මම කැත නිසා අපෙ මල්ලි එක්ක පැනල යයි,
      අන්තිමට ඒ අහිංසකය පව්! ;)

      (අනික බොරු කියල ගෑණු ගේන පුරුද්දක් අපේ පෙලපතට නෑ! :D)

      Delete
  15. හෑ මේ ඩබලමොන්ටිසෝරි කාලේ ඉඳන්ම කට්ටි පැනලානේ :)

    ReplyDelete
    Replies
    1. කිසිත් නොකියමි...

      Delete
  16. ළමා කාලෙ කියාගෙන අවිත් එකපාරටම ඉතිරි ටික ඊළඟ කොටසට කියල දාලා.

    "දම්පැහැ ගැහුණු කජු පුහුලන් පෙර කාලේ
    රංචුව ගැහුණු හැටි මතකද අපි බාලේ.."

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ ගිහින් ඉවර වෙනකම්ම ළමා කාලේ තමයි ඉතිං..


      "දම්පැහැ ගැහුණු කජු පුහුලන් පෙර කාලේ
      රංචුව ගැහුණු හැටි මතකද අපි බාලේ.."

      ඔය කොටස ආයෙම හිත අතීතයට අරගෙන ගියා.කටවල් තුවාල වෙනකම්ම කජු කෑවා

      Delete
  17. නියමයි යාළු...
    ලස්සනයි...
    ඉතිරි ටිකත් ඉක්මනටම ඕනියෝ.......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළු මේ පැත්ට ඇවිත් ගියා‍ට

      ඉක්මනට දෙන්නම්කෝ අනිත් පොස්ට් එකත්

      Delete
  18. ලස්සන අතීතකතාවක්...ජීවිතකතාවම ලියන්නද හදන්නෙ...!
    අම්මෝ කජු..කාල කටවල් වනකරගෙන.., මටත් මතක් වෙනව අතීතය...!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනට

      ජීවිත කතාවම නෙවෙයි මේකත් ‍‍‍‍නොහිතන තැනකදී නතර වෙනවා...

      Delete
  19. එලා ඈ.... කමෙන්ට් එක දාන්නන් අනිකට.... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නාගයෝ....

      Delete
  20. මේකටත් මොකක් හරි කිව්ව වගේ මතකයි...ඒත් නෑනේ..

    ReplyDelete
  21. ඔය තියෙන හරිය මැදැ....හි හි..

    ReplyDelete