Wednesday, August 15, 2012

මහවැලි ගග ඉස්මත්තේ බිංකෙටුවා මං



ඔන්න කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දේ දෙයියනේ කියලා අපිට හොස්ටල් නැහැ. බෝඩිමක් හොයා ගන්න හැමතැනම ඇවිද්දා. අන්තිමට කැම්පස් එකේ ඉදලා හැතැක්ම 9 ක් 10 ක් විතර දුරින් තිබුන බෝඩිමක් හොයා ගත්ත. ළගිනුත් තිබුනා. ඒත් ආර්ථිකය දුර්වල නිසා අපි කෙල්ලෝ පස් දෙනෙක් දොලුව පාරෙ තිබුනු  බෝඩිමට ගියා. ඒ කියන්නේ අනිත් තැන්වල රු 1200ක් විතර ගන්නකොට අපෙන් ගත්තේ 600 යි. කිසි අඩු පාඩුවක් නැහැ. ස්වභාවික නල ජලය තිබුනා. මහවැලි ගග අද්දර සුන්දර කදු මායිමක තමයි ඒ ගෙදර තිබුනේ.

ඉති ඒහේ හිටිය අයියයි අක්කයි දෙන්න හරිම හොදයි. ඉතිං ඔය දවස්වල අපේ එක්කෙනෙක් ළග වත් කන්න කියලා සත 5 ක් වත් තිබුනේ නැහැ. කැම්පස් ජීවිත ගැන ආයෙ අලුතින් කියන්න දෙයක් නැහැනේ.ඉතිං බෝඩිමට ගිය  මුල්ම දවසේ කන්න නැහැ කියලා කියන්නත් ලැජ්ජයිනේ. කෝකටත් කට්ටිය එක්ක වතුර පීල්ලකින් නාලා කරලා ක්ලීන් සූට් ඇදලා කරලා කෑම හොයන්න පිටත් වුනා. විලි ලැජ්ජාවේ බැහැ. කෙල්ලෝ පස් දෙනා හැතැක්ම දෙකක් විතර පයින් ඇවිල්ලා දන්සැලකට ගොඩ උනා. හොද වෙලාවට පොසොන් කාලේ. ‍දන්සැලේ හිටපු අයියලා මල්ලිලා ටික අපිව දැකලා ඉක්මනටම කෑම බෙදලා දුන්න. හිතෙන්න ඇති  සා ගින්දරේ ආපු කට්ටියක් කියලා. මොකද මූණක කටක ලේ කදුලක් වත් නැහැනේ.

ඔන්න එදායින් පස්සේ බෝඩිම් ජීවිතේ පටන් ගත්තා. එක බස් එකකින් පැයකට විතර පස්සේ තමයි ඊළග බස් එක එන්නේ. ඒ දවස්වල දොලුවේ බස් එකක් දැක්කත් වදිනවා. මොකද ඒ තරමටම දුර්ලභයි දොලුවේ බස්.

ඉතිං බෝඩිමේ අයියලගේ ප්‍රධාන ජීවන වෘත්තිය වුනේ හේන් ගොවිතැන. මහවැලි ගග අද්දර තමයි හේ න තිබුනේ. මුල් දවස්වල අපි ආසාවට ඒක බලන්න යනවා.අපිට කන්න නැති වෙලාවට බෝඩිමේ අක්කා එලවලු එහෙම අපිට දෙනවා. ඉතිං මේකට කලගුණ සලකන්නත් එක්ක අපිත් ලැස්ති වුනා හේන් කොටන්න යන්න. :P ඉතිං පාඩම් වැඩ සේරම පැත්තක තියලා අපි 4 දෙනෙක් පෝලිමට කොට කලිසනුත් ගහගෙන හේනට යනවා. වටේ පිටේ කටිටිය හිතන්න ඇති අයියලා මේ පාර නම් හොද පටිටියක් වැඩට අල්ලගෙන කියලා :p

අපි හේන් කෙටුවා 4 දෙනෙක් එක්ක. කට්ට අවුවේ.ගෙදරදි නිකමට උදැල්ලක් අල්ලන්නේ නැහැ ඒ වුනාට. ඒ වගේද නිකන් කන්න හම්බවෙන එක. එලවලු ජාති අපේ අතින්ම පැල කරා. ඇත්තටම හරි සතුටින් ඒ හැම දෙයක්ම කරේ. බෝංචි, මයියොක්කා,ලීමා,දඹල,බඩ ඉරිගු,... වගේ ගොඩක් ජාති හිටෙව්වා. ඒ වුනාට අපි බයෙන් හිටයේ අපේ අතින් අල්ලලා ඕවා පැළවෙයි ද දන්නේ නැහැ කියලා. ඒත් සරුවට හැදුනා. අපේ අත්ගුණේටද කොහෙද. ඩී
වැඩ කරලා ඊළගට කරන්නේ මහවැලි ගගේ නාන්න යන එක. ගග දැක්කම මුලින් බය හිතුනත් පස්සේ ගග අපිට හුරැ වුනා මං හිතන්නේ...පීනන්නත් පුරැදු උනා. මට නම් ගෙබි ආරට හොදට පීනන්න පුලුවන්.:p
ඔන්න ඔය වගේ සුන්දර කාලයක් අපි බෝඩිමේ ගෙව්වා. කාලය යනවා දැනුනේ නැහැ. අපිම වවපු ඒවා තමයි කෑවේ.
තව එකක්.. බෝඩිමේ තිබුනා ලොකු කාබරංකා (කාම+රංකා)ගහක්.. ඕවා කැවම මොනා ද ඇවිස්සෙනවලු. ඒ කතා වලින් වැඩක් නැහැ. මගේ ඒ කාලේ ලොකුම විනෝදාශය වුනේ ගහට නැගලා පහළ පාරෙන් යන කොල්ලන්ට කාබරංකා ගෙඩි වලින් ගහන එක.

ඔය විදියට ගස්වල කොලයි මලුයි ගෙඩියි අලයි මුලුයි කාලා මාසෙකින් විතර ගෙදර යන්නේ ඇවිදින ඇටසැකිලි වගේ වෙලා.
ඒත් ආයෙම ඒ කාලෙට යන්න පුලුවන්නම් මං දෙපාරක් හිතන්නේ නැහැ.... ඒ තරම් සුන්දරයි


38 comments:

  1. හප්පේ බෝඩිං ජීවිතේ! ඒ කාලෙ තිත්ත වුනාට පස්සේ නම් පැණි රහයි නේද!
    :D හිතා ගන්න පුලුවන් කට්ටිය එක්ක හේන් කොටපු හැටි. කමක් නෑ ඒකත් හොඳ අත්දැකීමක්නෙ. අපූරුවට ලියල තියෙනවා, ආසාවෙන් කියෙව්වා!

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ අපි තුන්වෙනි අවුරුද්දෙත් ආහාර අහේනියක් ආවම බෝඩිමට දුවනවා. අපි යනකොටම අකකයි අයියයි දන්නවා එන්නේ මොකාටද කියලා :D

      Delete
  2. හිහි... කවුරු කොහොම කියන්න කිව්වත් කැම්පස් යන කාලේ කරපු පිස්සු වැඩ තමා ජීවිතේ හොඳ මතයක් වෙන්නේ.. අපි ඉතින් අගනුවර කැම්පස් නිසා ඔහොම ඒවා නම් නැ..ඒත් ඉතින් අපිට අපේ ෆන් නැතුවමත් නැ.. හිහි.. ජය වේවා..
    ප.ලි. ඔන්න ඔහොම ගහකට නැඟලා පාරේ යට අයට ගෙඩි වලින් ගහන එකත් මගේ එක ත්‍රස්තවාදී සිතුවිල්ලක්.. ;)

    ReplyDelete
    Replies
    1. "ඒත් ඉතින් අපිට අපේ ෆන් නැතුවමත් නැ""

      මගේ යාලුවා හිටියො කොළඹ නේ.. හිහි.. ඒකේ පැටිකිරියත් දන්නවා...

      Delete
  3. බෝඩිම් ජීවිතේ තමා මට තමා රස විඳිනන් වුනේ නැත්තේ....

    ReplyDelete
  4. අයියෝ අපරාදේ... ඒක වින්දා කියන්නේ අනිත් සේරම වින්දා වගේ තමයි...ඩී

    ReplyDelete
  5. ලස්සන මතකයක් නේ ද අක්කී...

    ReplyDelete
    Replies
    1. හ් හ්ම්... ලස්සන මතකයක්..

      Delete
  6. කාමරංකා වලින් කොල්ලන්ට ගහලා ගුටි කෑවේ නැද්ද? :)

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ. පනාව දාලා යන්තම් ගුටි නොකා බේරුනා...

      Delete
  7. ලස්සන මතක අපිව හැමදාම ජිවත් කරවනවනේ
    ' :P ' මේක හැමතැනම දැකල නිකම් මට නිකම් මොකක්ද වගේ :P

    ReplyDelete
    Replies
    1. ඔව් කසුන්... හරිම සුන්දර මතකයක්...

      Delete
  8. අම්මෝ දොලුවෙ ඉඳන් හැමදාම කැම්පස් එන්න ගියාම එපා වුනේ නැද්ද? ඇරත් රෑ වෙලා ඔය පැත්තට එන්න බසුත් නෑ නෙ. ඇරත් ඔය පැත්තේ ඉන්නකොට ගෙදර ඉඳන් රෑ කෝච්චියේ ඇවිල්ලා බෝඩිමට එන්නත් බෑ. අපිත් ටික කාලයක් හිඳගල පැත්තේ බෝඩිමක හිටිය නිසා ඔය කට්ට දන්න්නවා. ඊට පස්සේ නම් හෝස්ටල් හම්බ වුනා.
    විජේවර්ධන එකේ ඉඳගෙන හෙම පාරෙ යන කොල්ලන්ට කාමරංකා වලින් ගැහුවේ නැතෑ??

    ReplyDelete
    Replies
    1. හිඳගල බෝඩිම් නම් දන්නේ නෑ.. ඒ උනාට හිඳගල හොස්ටල් එක නම් පට්ට !!! පට්ට කෑම තමයි එහේ කැන්ටිමේ තියෙන්නේ. තනිකරම ගල් ගොඩක් ජර බර ගාලා කනවා වගේ.. තුක් ! මතක් වෙද්දිත් එපා වෙනවා :)

      Delete
    2. @ තොටියා: දොලොවේ ඉදන් මාර දුරයි. බසුත් නැහැ.පස්සේ ඒකට හුරු වුනා. බය නම් නැහැ. වලේ නාටිට් එහෙම බලලා මමයි තව එක කෙල්ලෙකුයි රෑ 12 ට විතර පයින් බෝඩිමට ඇවිල්ලත් තියෙනවා. දැන් මතක් වෙද්දි නම් බය හිතෙනවා. ඒත් ඒ කාලේ නාට්ටි උනක් තිබුනා.ඒ නිසා දුර ගැනයි බය ගැනයි හිතුවේ නැහැ.මං හිටියේ සංගමිත්තා එකේ.හෙල්ත් සෙන්ටර් එකට යන අයට නම් පිටිපස්සේ ඉදලා අදිනවා.ඔයාටත් අදින්න ඇති. පී

      Delete
    3. @ මදුරංග: අපිත් හිඳගල බෝඩිමේ හිටිය කාලෙත් වැඩිපුරම කෑවෙ හිඳගල හෝල් එකින් තමා.. ඒ කාලෙ කැන්ටිම කලේ වයසක ජෝඩුවක්.. ටිකක් පරක්කු වෙලා ගියොත් සොරි ඩොට් කොම්..කෑම ඉවරයි.. අනික පට්ට සීග්‍රගාමීව තමා කෑම බෙදන්නේ :P..
      @ දඟකාරි: ඉස්පිරිතාලෙ හිටපු නිසා අපි නම් වැඩිය හෙල්ත් සෙන්ටර් බඩා ගාල නෑ. ඒත් කීපපාරක් ගිහින් තියනවා යාලුවො බලන්න. මටත් ඇදලා තියනවද දන්නෙත් නෑ නේ.. :P

      Delete
  9. ඕකට කරන්ඩ තියෙන්නේ එකම එක දෙයයි. තමන්ගේ ෆැකල්ටියේ ජුන්නියෝ සෙට් එකක් රවට්ට ගෙන රූම් එකක් ඉල්ලගන්ඩ.. ඒකේ ඔය සෙට් එකටම ඉන්ඩ බැරුවා යෑ...
    අනික හිල්ඩා එකේ එහෙම කෑම මාර රහයි නෙව... හික්ස් :)

    ඒක නෙමේ... පේරාදෙනි සරසවිය ගැන ලිපි තියෙනවනම් වැඩි වැඩියෙන් ලියන්ඩ... පෝස්ට් එකකින් හරි අපේ සුන්දර විශ්ව විද්‍යාලය දකින්න ලැබෙන එකත් සතුටක් !

    දොළුවේ ඉදන් කැම්පස් එකට නම් ගොඩක් දුරයි... අනිත් එක තමා රෑට බස් එහෙමත් අඩුයි නෙව..

    ReplyDelete
    Replies
    1. හිල්ඩා එකේ කෑම කාලා තියෙනවා. මොකද ඒකේ කෙල්ලන්ව දැම්මම අපිත් ගියා හිල්ඩා එක බලන්න.තව විස්තර නම් ගොඩක් තියෙනවා කැම්පස් එකේදි වුන අද්දැකීම්....දොලුවේ ඉදලා දුරයි තමයි.සල්ලි තමයි ප්‍රශ්නෙ තිබුනේ.ඒ නිසා ඒකට හුරු වෙලා හිටියා. මොකද මහවැලි ළග ඒ තරම් සුන්දර තැනක් ආයෙ හම්බවෙනනෙත් නැහැනේ.අඩු ගානේ නාලා කරලා වත් හිටියා.පී

      Delete
  10. බෝඩින් ජිවිත මට නම් එපෝ.................................. :)

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ..ඒකත් විදලා තියෙන්න ඕන..

      Delete
  11. වකා දුරකට යන කතාවක් ගැන දාපු පොස්ට් එකක කොමන්ට් එකක් දැක්ක. දඟකාරී ඇත්තටම දඟකාරද බලන්න ගොඩ වුනේ. කව්රු කව්රුත් ජිවිතේ විඳපු හැටි ලියන අපුරුව හින්දම මියැදුණ සිත බ්ලෝග් ලෝකයට එන්නේ ඒවා කියවල බලන්නනේ. ඕපදුප වලට නම් මම එච්චර කැමැති නෑ ඕං. කොහොමින් කොහොම හරි බෝඩිමේ ජිවිතේකට වඩා සුන්දර අද්දැකීමක් ලැබිල තියෙන පාටයි

    ලිපිය ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අවාට මේ පැත්තට....ඇත්තටම ඒක බෝඩිම්ක් කිව්වට අපි ගෙව්වේ නම් බෝඩිම් ජීවිතයක් නෙවෙයි. එකම පවුලේ අය වගෙයි හිටියේ.

      Delete
  12. අපේ අච්චි අම්ම කියනවා කරන්දෙණියේ ඉන්නෙ ඔක්කොම අපේ නැදෑයො කියලා.

    ReplyDelete
    Replies
    1. හැබැයි මම නම් කවදාවත්ම ඒ පැත්තට ගිහින් නෑ..

      Delete
    2. එන්නකෝ අනේ.. නෑ මී මුත්තන් බලා කියා ගන්නත් බැරියැ

      Delete
  13. මටත් බෝඩිං ජීවිතේ හොදට පුරුදුයි. හරිම විනෝදයි.

    හැබැයි ඉතිං කැම්පස් ගිහිං හේන් කොටලාවවාගෙන කැවා කියන එකත් ලොකු දෙයක් මොනවා නැතත් ගහ කොලක් හිටවාගන්නත් පුරුදු වෙලා ඉන්න එකම ඇතිනේ. දුක් වින්ද තරමට සැපයත් අතළගමයි.

    සුන්දරම අතීතයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ ඒ ජීවිතේ හරිම විනෝදයි...සමහර දුක හිතෙන දේවලුත් දැන් කල්පනා කරද්දි හිතෙනවා හරි සුන්දරයි කියලා

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. මුලදි අමාරු උනත් තමන් හිටවපු ගහක දල්ලක් ආවත් හරි සතුටක් දැනෙන්නෙ. හැබැයි කැම්පස් ගියාට වඩා අත්දැකීමක් වගෙම ආශ්වාදයක් ලබල තියනව වගෙ.
    …බ්ලොග් කියවන්න ගත්තට පස්සේ කියවපු අමුතුම ලිපියක්.

    ReplyDelete
    Replies
    1. කැම්පස් ගියාට කවදාවත් පොතටම ඇලිලා හිටියේ නැහැ.ඒ අතින් මං ඒ ජීවිතේ වින්දා කියලා හිතෙනවා.

      අමුතුම ලිපියක් කියන එකෙත් අමුතුම ගතියක් තියෙනවා ඩී

      Delete
  16. හැම සිදුවීමක්ම හිතේ ඇදුනා හරිම අපූරුවට අනේ මටත් කෙල්ලො ගොඩක් එක්ක බෝඩින් ජීවිතයක් ගෙවන්න තිබුනනම් කියලා හිතුනා.

    ReplyDelete
    Replies
    1. මොකද මන්දා,මටත් එහෙම්මම හිතෙනවනෙ ;)

      Delete
  17. දුක් වෙන්න එපා කාව්‍යා....ස්තුතියි මේ පැත්තට ඇවිත් ගියාට

    ReplyDelete
  18. Replies
    1. ආයෙත් අහලා..බෝඩිමේ ඉන්න එපාම කරපු එකා මමලු :ඩී

      Delete