Friday, August 10, 2012

ඔබ ගැන දැනගත්ත කැමතිද?

ඔන්න අද නම් වැදගත්ම වැදගත් පොස්ටුවක් දාන්න හදන්නේ. ඕනම කෙනෙක් නැමතියිනේ තමන් ගැන දැනගන්න. මේක මං අත්හදා බලපු එකක්. මට නම් 100% නිවැරැදි පිළිතුරු තමයි ලැබුනේ. මේක අනේ මං හොයාගත්ත එකක් නම් නෙවෙයි. ටිබෙටයෙහි අධ්‍යාත්මික නායක දලයි ලාමා තුමා එතුමාගේ අනුගාමිකයන්ට  තමන් පිළිබදවම අවබෝධයක් ලබා ගැනිමට තමයි මේ ප්‍රශ්නාවලිය දීලා තියෙන්නේ.
මේකෙදි තමන් තමන්ට අවංක වෙන්න ඕන. බොරු හිත හිත දාලා හරියන්නේ නැ.

පුංචිම ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒකට කලින් ඔයාල හිත එකලස් කරගෙන විනාඩියක් පමණ ඇස් පියාගෙන ඉන්න ඕන. 
ඊළගට පහත නම් කරපු සත්තු 5 දෙනා ඔයා කැමති විදියට පෙළගස්වන්න. වැඩි වෙලාවක් හිත හිත ඉන්නේ නැතුව මුලින්ම හිතට එන අදහසට අනුව පෙළගස්වන්න.

අශ්වයා
එළදෙන
බැටලුවා
ඌරා
කොටියා

පහත දැක්වෙන පාට ට තමන් කැමති පවුලේ හෝ ජීවිතයට සමීප කෙනෙක් නම් කරන්න

උදා : කහ - අපේ අම්මගේ තාත්තගේ සීයගේ බාප්පගේ ආච්චිගේ දුගේ දුව
කහ
තැඹිලි
රතු
සුදු
කොල


පහත දක්වා තිබෙන දේවල්  ගැන ඔයාලට මුලින්ම හිතෙන අදහස ලියන්න
උදා : මීයා- මට වඩා ටිකක් ලොකුයි
බල්ලා
පූසා
මීයා
කෝපි
මුහුද

මීළගට සතියේ කැමති දවසක් හා කැමති අංකයක් නම් කරන්න

මේකෙන් බලාගන්න පුලුවන් තමන්ගේ ගතිගුණ සහ තමන් ජීවිතයේ වැදගත්කොට සලකන දේවල් ගැන. 



මේකට පිළිතුරු අවශ්‍ය අය කමෙන්ට් කරන්න.




49 comments:

  1. දැන් මේක කරන්න ඕනේ කියලා හිතට කික් එකක් එන්නේ නැහැ. හිතට කික් එකක් ආපු වෙලාවට මේක කරලා බලන්න ඕනේ...

    ReplyDelete
  2. ඔව් ඔව් නිදහසේ ඉන්න වෙලාවක කරොත් තමයි මේකේ හරිම උත්තරේ ගන්න පුලුවන්...

    ReplyDelete
  3. අපොයි කවද්ද මට උත්තරේ දෙන්නේ...
    ඉක්මනට උත්තරයක් ඕනේ.. අද හෙටම උනත් කමන් නෑ.. හික්ස් :)

    ReplyDelete
  4. පොස්ට් එකක් දානවද ඊමේල් කරනවද කියලා බැලුවේ. ඊමේල් එක දෙන්නකො බලන්න.. මං ඒකට එවන්නම්. කලින් දැක්කම මේක කරලා වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකක් දාන්ඩ.. ඒක ගොඩ දෙනෙක්ට හොදයි නෙව.
      මට එවනවා නම්,
      sithakasankalpana@gmail.com
      කියන මේල් ඇඩ්‍රස් එකට එවන්න.

      Delete
    2. මධුරංග ඊමෙල් කළා

      Delete
    3. මේල් එක ලැබුනා... බොහොම ස්තුතියි !

      Delete
  5. මට කැමැත්තක් නෑනෙ...

    ReplyDelete
    Replies
    1. හික්ස්... ඔයා ඔයා ගැන දන්නවනේ නේද?

      Delete
  6. roxzdila@gmail.com ekata ewanna akke

    ReplyDelete
    Replies
    1. ඊමේල් කලා.. ස්තුතියි

      Delete
  7. මට උත්තරේ ඕනේ... මම හිතපුව මෙතන දාන්න ඕනේද??

    ReplyDelete
    Replies
    1. මෙතන දාන්න එපා....කැමති නම් ඊමේල් එක දෙන්න. මං එවන්නම්

      Delete
    2. ksr1990@live.com ඕකට ඊමේල් එකක් දැම්මා

      Delete
    3. ඒක ඇවිත් නැනේ.. sasha.red1990@gmail.com එකට එවන්නකෝ..

      Delete
    4. අප්පොච්චියේ දැනගත්තා මන් ගැන..හිහිහි.. තැන්කූ වේවා.. ඒත් අනේ මම තෝරගත්ත දිනය 16.. හික්ස්..ඒකේ තියෙන ඒවා වෙයිද කියලා සැකයි අප්පා.. කොහොම වුනත් අගේ ඇති ලිපිය.. :D

      Delete
    5. Red Riding Hood ස්තුතියි.

      Delete
  8. ආයේ වෙලාවක ඇවිල්ලා කරලා බලන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඕකකරලා බලලා ඒක කොලේක ලියාගෙන කරලා කියන්නකෝ... මං ඊයක් එවන්නම් උත්තර ටික අමුණලා

      Delete
  9. හරි හිතාගත්තා..මොක්කද උත්තරේ?

    ReplyDelete
    Replies
    1. rathnayakeblog@gmail.com ඕකට මේල් එකක් දැම්මා

      Delete
  10. ඔන්න මගේ ටික

    1.අශ්වයා
    2.කොටියා
    3.බැටලුවා
    4.එළදෙන
    5.ඌරා


    කහ:- ආච්චි
    තැඹිලි:- අම්මා
    රතු:- මල්ලි
    සුදු:- නැන්දගේ පුතා/ අයියා
    කොල:- අපේ තාත්තා

    බල්ලා:- ඕනෑවට වඩා ලංකර ගත යුතු නැත.
    පූසා:- එපා කරපු එකෙක්, හොරා කයි
    මීයා :- නොදොකින් , බයානකයි
    කෝපි :- රසවත් පානයකි. නින්ද නොයයි.
    මුහුද :- මනස සැහැල්ලු කරන තැනකි.

    ReplyDelete
    Replies
    1. දූපත් වැසියගේ උත්තර ටික දාන්න ඊමේල් එක එවන්නකෝ...ඔය කෝපි ගැන දාපු කතාවට නියම උත්තරයක් තියෙනවා ඩී

      Delete
  11. ඔන්න බුකියේ මැසේජ් එකක් දැම්මෝ!

    ReplyDelete
    Replies
    1. ඔන්න මං උත්තරේ බුකියෙන්ම මැසේජ් කලා.....

      Delete
  12. හ්ම්ම් හරි....
    harshana1985@gmail.com

    ReplyDelete
    Replies
    1. හර්ෂණ ඔයාටත් ඊමේල් එකක් දැම්මා... කමෙන්ට් එකක් දාන්නකෝ බලලා

      Delete
  13. අච්චෝ..මම හිතුව උත්තරත් පහල ඇති කියල..:( කෝ..ඕන ඉක්මනට :( ඉහි ඉහි :/(

    ReplyDelete
    Replies
    1. හිරූ ඔන්න ඔයාගේ උත්තර ටික බුකියට මැසේජ් කරා.බලලා කමෙන්ට් කරන්නකෝ ඒක කොයි තරම් දුරට හරිද කියලා

      Delete
  14. හොඳ කතාවක් අහගන්න පුලුවන් වෙයි වගේ :D. ඒත් කමක් නෑ

    ReplyDelete
    Replies
    1. කොහොමද හිතපු ඒව කියල එවන්නෙ?

      Delete
    2. හිතපු ඒවා ලියලා තියා ගන්න.gimanhalablog@gmail.com එකට පිළිතුරු ටික එවනවා. ඊට පස්සේ ගලපල කරලා බලන්නකෝ. ඒත් උත්තර ටික මුලින් බලන්න එපා.

      Delete
  15. අපේ පැත්තේ ඇවිත් තිබ්බ නිසා හොයාගෙන ආවේ. එනකොටම පරීක්ෂණයක්. බලමුකෝ මොන මොනවා වෙයිද කියලා. මෙන්න මේල් එක. hettiarachchiaruna@gmail.com

    ReplyDelete
    Replies
    1. ආපු එක කොයි තරම් නම් හොදයිද? සාදරෙන් පිළිගන්නවා. ඩී ..ඊයක් එව්වා. බලන්නකෝ

      Delete
  16. අශවයා කොටියා බැටලුවා ඌර එලදෙන

    කහ=අම්මි
    තැබිලි=යලුවෙක්ගෙ යාලුවෙක්
    රතු=මම
    සුදු=අය්යා
    කොල=තත්ති

    බල්ලා=බූල් ගොඩක් තියෙනවනම් ලස්සනයි
    පූස=කට වැඩියි
    මීය=හුරතල්
    කෝපි=සීතලට මරු
    මුහුද=ජීවිතේ වගේ

    අක්කි මටත් උත්තර ඉක්මන්ටම ඕනි මම බලන් ඉන්නවා(chicknsuwithewitch@hush.com

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයාටත් ඊමේල් එකක් දැම්මා

      Delete
  17. ඌරා
    එළදෙන
    බැටළුවා
    අශ්වයා
    කොටියා

    කහ = ගෑණු ළමයෙක්
    තැඹිලි= මාමා
    රතු=තාත්තා
    සුදු=අම්මා
    කොළ= තවත් ගෑණු ළමයෙක් :)

    බල්ලා= හරි හුරතල්
    පූසා=හරි හොරා
    මීයා=මළ වදයක්
    කෝපි=දැනුත් බිව්වා,මම ආසයි
    මුහුද=නිශ්කලංකව ඉන්න කියාපු තැන

    මටත් ඉක්මනට ඊයක් එවනවාදෝ?
    Ldnishan@gmail.com

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයාටත් ඊයක් එව්වා....

      Delete
  18. මට නම් එකපාරටම ඕව ගැන එක එක ඒවා හිතුන් නෑ. ඒත් ඉතින් ඔය සත්තු ගැන හිතෙන ඒවට පුළුවන්ද කෙනෙක්ගෙ ජීවිතේ කියන්න..??

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ පුලුවන් තොටිය මහත්තයෝ.සම්පූර්ණයෙන් මත් නෙවෙයි.මට නම් ඕක හරි මං හිතන පතන විදියත් එක්ක.ඔය සතුන්ගේ කැමත්තෙන් කියවෙන්නේ අපි අපේ ජීවිතේ ප්‍රමුකතාවය දෙන දේවල් ගැන.ඔය දාලා තියෙන සත්තු බැලුවම කෙනෙකුට ඌරෙක් වගේ සතෙකුට 1 දෙන්න හිතෙන්නෙත් අන්න ඒ නිසා. සාමාන්‍යයෙන් ඒ වගේ සතෙක් මට නම් දාන්න හිතෙන්නේ අන්තිමට.මං තොටිය මහත්තයගේ බුකියට මැසේජ් 1 ක් එවන්නම්. වෙලාවක හෙමිහිට කරලා බලන්න.

      Delete
    2. අනේ නඟෝ ඔය මහත්තයෝ කෑල්ලට නම් මම සාමාන්‍යයෙන් කැමති නෑ.. ඔය නමේ මුලට යෙදෙන මහප්‍රාණ වුණත් වැඩිය පාවිච්චි කරන කෙනෙක් නෙවි මම.. ඕනම නම් අයියා කියලා කියන්න ඒ හොඳටම ඇති.. (මෙයා අක්කියෙක්ද දන්නෙත් නෑ හැබැයි :O)

      Delete
    3. අක්කියෙක් වුනත් අයියා කියනවනම් කැමති ඇති:P

      Delete
  19. අපොයි, දැනගන්නෙ නැති තරමට හොදයි මට නම් මං ගැන.

    ReplyDelete
  20. ඒ ඔයා ඔයා ගැන ඕනවටත් වඩා දන්නව කියලා හිතන නිසානේ...ඒත් අපේ ජීවිත වල අපිටත් නොතේරෙන යමක් තියෙනවා කියලා මට හිතෙනවා..

    ReplyDelete
  21. එළදෙන
    අශ්වයා
    කොටියා
    ඌරා
    බැටළුවා

    කහ = තාත්තා
    තැඹිලි= මල්ලි
    රතු=පිරිමි ළමයෙක්
    සුදු=අම්මා
    කොළ= තවත් පිරිමි ළමයෙක් ;)

    බල්ලා= හුරතල්
    පූසා=කම්මැළියි වගේ
    මීයා=හැම එකම කාලා දාන්න උපන් සතෙක්..
    කෝපි= තිත්තයි.. කළුයි.. ඒත් සීතල දවසකට බොන්න මරු..
    මුහුද=චණ්ඩයි.. රළුයි..කිට්ටුවට ගියාම තනියි වගේ දැනෙනවා...

    මටත් උත්තර එවන්නකෝ.... මූණු පොතට හරි, මගේ e-mail එකට හරි..

    hithuwakkarakella@gmail.com

    ReplyDelete
  22. මටත් එවන්ඩෝ....

    tharuonline7@gmail.com

    ReplyDelete
  23. කරකවල ඇතඇරිය වගේ උනා මම අයියෝ සැලරි!! හි හි

    ReplyDelete