Saturday, July 14, 2012

අහන් ඉන්න.. අහගෙන ඉන්න

කාලෙකින් ඇහුන හිත සංවේදි කරපු ගීතයක්
අහන්... ඉන්න
අහගෙන.. ඉන්න
මගේ හිත...මොනවද
මුමුණනවා...

යාය පුරා
නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක
සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
සුවඳ බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම
රටා මවනවා..

සිලිසිලියේ හමන සුළඟ
කොඳුරන්නේ අපටමයි
සතුට මිසක
දුක මොකටද
සෙනෙහස මහ මෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුඹටයි..
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි..

3 comments:

  1. ඉන්ද්‍රචාප කියන මේ සිංදුව අහලා තියෙනවාද ??

    ReplyDelete
  2. මන් කාලෙකට පස්සේ අහපු හිතට වදින ලස්සනම සින්දුවක් මේක. තේරුම් ගන්න බැරි අමුතුම ලස්සනක් තියෙනවා. බ්ලොග් එක ලස්සනයි. දිගටම කරගෙන යන්න.

    ReplyDelete