Friday, July 20, 2012

පොත් කතාවක්

මං උපන්ගෙයිම පොත් පිස්සියක්. පොත් තියෙනවා නම් කෑමත් එපා. ඉති පුංචිම දවස්වල ඉදලා කියෙව්වේ ලොකු ලොකු පොත්. ඒ කිව්වේ මං පැංචි කාලේ තමයි අපේ අක්කා කැම්පස් ගියේ. ඉති එයා කියවන ලොකු ලොකු පොත් තමයි මං කියෙව්වේ.මං 7  වසරෙදි තමයි මේං මේ පොත කියෙව්වේ. මේ කවරේ නම් නෙවෙයි ඒ කාලේ තිබුනේ..
වයසට නෙවෙයි කියවිල්ල :P  මං හිතන්නේ අක්කගෙන් තමයි මේ කියවන පිස්සුව හැදුනේ.ඉතිං බොහොම වැදගත් පොත් කියවගෙන ගියා. 9 වසර වෙද්දි ඔන්න පටන් ගත්තා පැණි බේරෙන ආල කතා කියවන්න. ඒත් උසස්‍ පෙළ ඉවර වුනහම ඒකත් අතඇරියා. ඒ කියන්නේ ඒ කාලේ තිබුනු සේරම පැණි කතා කියවල ඉවර කලා. මේ සේරම කරන්න මට අතිජාත මිතුරියක් හිටියා. උසස් පෙළ ඉවර වුන ගමන් පුස්තකාලෙට සම්බන්ධ වෙලා පරිවර්ථන පොත් කියෙව්වා. වැඩේ කියන්නේ අලුතින් පොත් ගන්නකොට පුස්තකාලේ මිස් ‍අහනවා ගන්න ඕන පොත් මොනවද කියලා. ඒ කියන්නේ පුස්තකාලේ රන් කරෙත් අපි දෙන්නගෙ කියවිල්ලෙන් තමයි. ඔය කාලෙම පිච්චමල නවකතා මාලාව කියෙව්වා. පුදුම විදයට ජීවිතයට කා වැදුනු නවකතා මාලාවක්.


ඔය අතරේ කැම්පසුත් ගියා කියමුකො. ඒ කාලේ ජ්‍යෙෂ්ඨ උත්තමයෝ මගෙන් අහනව ශිෂ්‍යත්වෙ පාස් කරපු ගමන්ද කැම්පස් ආවේ කියලා. මොකද ඒ තරම් පැංචි කෙල්ලෙක් එතකොටත්. දැනුත් ඉතිං එහෙමටෙයි කියලා වෙනසක් නැ පී.  පේරාදෙණියේ තියෙනවා රටක් වටින පුස්තකාලයක්. කැම්පස් එකේ අන්තර්ජාල  පහසුකම් හිතේ හැටියට තියෙනවා කියලා දැනගන්නකම් මං වැඩිපුරම කල්මරපු තැන තමයි පුස්තකාලෙ.  ඔය සම්භව්‍ය අසම්භව්‍ය සේරම පොත් කියෙව්වා ඒ කාලෙ. විෂයානුබද්ධ පොත් කියෙව්වේ හරිම අහම්බෙන්. මොකට කැම්පස් ගියාද  කියලත් හිතෙනවා.

ඔය අතරේ මට අහම්බෙන් වගේ කියවන්න ලැබුනා මේන් මේ පොත.


මං හිතන්නේ මං වගේ කම්මැලි කෙල්ලෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිට පෙරලපු පොතක්. ජීවිතයේ හා මේ ගෙවී යන කාලයේ වටිනාකම මං ඉගෙන ගත්තේ මේ පෙතෙන්. හිත රිද්දගත්තු හැම වෙලවෙකම මං මේ පොත කියෙව්වා. පොත දිව ඔසුවක් උනා මට. අහම්බෙන් මේ පොත කියවලා පුස්කතාලෙට භාර දීලා එක දවසකින් ආයෙම පොත කියවන්න හිතුන මට. පුස්තකාලේ පීරලා ආයෙම හොයාගෙන පස්වනක් ප්‍රිතියෙන් තුරුළු කරගෙන ආව. ඒත් මට පොත ගන්න කාඩ් එක ලියන්න කලින් එතන හිටපු මිස් පොත බැලුවා ටිකක් අරෙහ මෙහෙ හරවලා. ඒ ගමන මොකක්ද අංකයක් එහෙ මෙහෙ වෙලා කියලා  ඒක ඒ වෙලාවේ දෙන්න බැහැ කිව්වා. හිතා ගන්න පුළුවන්න මට දැනුන වේදනාව. පොත කියවලා ඉගෙනු ගනිපු පාඩම් සේරම අමතක වුනා. මට හොදටම තේරුනා එයාට මේක කියවන්න ඕන වෙලා කියලා මේ. හවස 3න් පසුසේ ඇවිත් ගන්න කිව්වා. :'( මං අඩ අඩා ආවා. හවසත් ගියා .. ඒත් දුන්නේ නැ. දවස් ‍තුනක් මාව රස්තියාදු කරා. මං හිටියේ තරහින් වේදනාවෙන්..දැන් මතක් වෙද්දිත් දුකයි :( ඒ මිස් මට මෙහෙම දෙයක් කරේ ඇයි කියලා මං ගොඩක් ඇඩුවා. මං අන්තිමේදී තීරණයක් ගත්තා.මං පොතෙන් කියවපු දේ හිතට ගත්තනම් මට දැන් පිළිතුරක් තියෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ පොත මං සල්ලි වලට මිලදී ගැනීම. :) ඒ මිස්ට මං දැන් පිං දෙනවා. එයා මට සලකපු විදිය නිසා තමයි පොත දැන් මගේම උනේ.

ඒ වෙනකම් මං කැම්පස් එකේ කරේ චිත්තරපටි බලපු එකයි, නාට්‍ය බලපු එකයි, සිංදු අහපු එකයි විතරයි... අර පොත කියෙව්වම ඔය කලින් කියපු සේරම කරන ගමන් විභාග වලට හොදට මහංසි වෙන්න ඕන කියලත් හිතුනා. ඒකේ ප්‍රතිඵලයක් විදියට පළමුවැනි අවුරුද්දේ සිටම මහන්සි වූ සිසුන් සමගින්ම එක් වසරක් පමණක් මහංසි වී පන්ති සාම්ර්ථයක් පවා ගන්න පුලුවන් වුනා. සම්පූර්ණ ශක්තිය මට දුන්නේ මේ පොත. .ගාමිණි කුමාර විතාන මහත්මයට මං හදවතින් පිං දෙනවා. නොර්මන් මහත්තයටත්. ඊලගට මේ පොතත් කියෙව්වා.
මේ හැම පොතක්ම මට ශක්තියක් වුනා. කම්මැලි කෙල්ලෙක්ගේ ජීවිතේ ටිකක් හරි පිළිවෙලක් වුනේ ඔය පොත් වලින්. තව ඔය කාලේ චරිතාපදාන කියෙව්වා ගොඩක්.
** ආයෙත් මං කම්මැලි වෙලා :( ආයෙම ඔය පොත් අතට ගන්න කාලේ ඇවිල්ලා වගේ.

ප.ලි  : මං මොන දේ ඉගෙන ගත්තත් මට නණලළ වරදිනවා.ඒක නිසා මට ටීච කෙනෙක් වෙන්න නම් බැරි වේවි. නණ ලළ වැරදුන ඒවට සමාව භාජනයකට දාලා පරිස්සමට තියලා තියලා තියන්න. ඊළග පෝස්ට් එකටත් ඕන වේවි.


12 comments:

  1. භාජනයක් නෑ දාන්න... පෙට්ටියකට වගේ දැම්මොත් අවුල්ද දන්නෑ නේ.. :-D

    ReplyDelete
    Replies
    1. කැමති විදියකට පසන්....පී

      Delete
  2. දඟකාරි එහෙනම් පොතුත් කියවනව!
    මටත් ඔයාට වගේ අකරතැබ්බයක් තමා වුනේ. අපේ අයිය මට වඩා අවුරුදු 6ක් වැඩිමල් ඉතිං කියවන්න දෙයක් නැති වුනහම එයාගෙ උසස් පෙල අතිරේක කියවීම් පොතුත් කියෙව්වා (ඉතිහාසය, සිංහල සාහිත්‍ය ) මම හිතන්නෙ අයියට වඩා වාර ගණනක් මම ඒ පොත් කියවන්න ඇති. එයාටත් උසස් පෙලට පස්සෙ පොත් පිස්සුව හැදුනා ඉතිං මට රාජ සම්පත් හම්බුනා වගේ තමා සතියට පොත් 7ක් 8ක් විතර කියවන්න ලැබුනා.
    දඟකාරි දැන්නෙ කියන්නෙ :(
    කැම්පස් එකේ ඔක්කෝම විභාග ටික උඩෙන් පල්ලෙන් ඉවර කලාට පස්සෙ! ඒත් එහෙම කියල අතාරින්නෙ නෑ ඔයා කියන පොත් හොයා ගෙන කියවන්න ඕන.
    අහ් මම නම් ඔයාට දෙන්න තිබ්බ සමාව වත්තෙ වලක් කපල හිටවන්න කියල ඉන්නෙ! :p

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිමන්...අපේ අයිය මට වඩා 6 ක් වැඩුමල්. අක්කා 12 ක්. ඒ දෙන්න කියවපු ජංජාල සේරම ටික මාත් කියෙව්වා.ඒවා කියවලා තමයි අකලට පැහුනේ:D අම්මෝ විභාග නම් මතක් කරන්න එපා. විභාග නැති ලෝකෙක ඉපදෙන්න මං ප්‍රාර්ථනා කරන්නේ.
      සමාව හිටවන්නේ බලාගෙනයි... මුල් ඇදෙයි :p

      Delete
  3. සැප්තැම්බර් මාසේත් ළඟ ළඟම එනවා :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බලාපොරොත්තුවෙන් ඉන්නේ.. මේ පාර කොහොම හරි යන්න ඕන. ගිය පාරත් යන්න බැරි වුනා.:(මගේ යාලුව එයාගේ හස්බන්ඩ එක්ක නොකියම ගිහිල්ලනේ. මේ පාර කොහොමහරි එල්ලිලා යන්න ඕන :D

      Delete
  4. බුක් ෆෙයාර් ගිහින් ඔය දොළදුක් සේරම පහසු මිලට සංසිදුවා ගන්න :P

    ReplyDelete
  5. ස්තුතියි අදහසට...ඒත් දොළදුක් සේරම කියන්නේ මොකක්ද කියලා නම් තේරුනේ නැ. දැනට තියෙන්නේ පොත් කියවීමේ දොළදුකක් විතරයි කියලා නම් ඉතාමත් වගකීමෙන් කියන්න පුලුවන්.:p

    ReplyDelete
  6. මමත් පොත් පිස්සියෙක් තමා.. :) හැම මාසේම වගේ මම පොතක් ගන්නවා.

    ReplyDelete
  7. සතුටුයි පොත් පිස්සියෙක් දැක්කත්.....

    ReplyDelete
  8. සුනිල් මාදවගෙ, හඩනු මැන නිදහස,, සුන්දර මිනිසෙකු ගැන සුන්දර මිනිසෙකු ලියූ කතාවක්. පරිවර්තනය කරෙත් ඒ වගේම සුන්දර මිනිසෙක්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි.. සුන්දර මිනිසෙක් පරිවර්තනය කරපු සුන්දර මිනිසෙකුගේ කතාවක්....

      Delete