Thursday, July 26, 2012

තවත් ආදර කතාවක්



හීන තියන් ඇස් අද්දර
නුඹ එනකම් මග බැලුවට
මටත් වඩා වටින කෙනෙක්
ඉන්නා බව දන්නවා මම...

නෙතුඅග කදුලැලි පිරුණට

නුඹට වගක් නැ ඒ ගැන
දුක අතරින් සිනහ වෙමින්
නුඹ වෙනුවෙන් ඉන්නම් මම...

තවටික කාලෙකින් පසුව
සිහිවෙයි කල වැරදි නුඹට
කියන්න එන පෝය සදට
ආදරෙයිද සුදු මැණිකෙට..

10 comments:

  1. හින තියන ඇස ඉද්දර
    නීල නයන පෙම් ඉදුවර
    හදට කියන කවි පෙම්බර
    හිදීද නුඹ මගෙ සිත අද්දර

    නෙතු අග කදුලැල් පිරුනට
    සිත ලග පෙම් බස් දෙඩුවට
    මා ලග නොව දුර හිටියට
    සැමදා ඇත නුඹ තනියට ... :-D

    කවි ටික ලස්සනයි ඇ...

    ReplyDelete
  2. හීන දුරයි පුංචි හිතට
    රිදුම් දෙනවා නෙතු කදුලට
    මා ළග ඉන්නම් කිව්වට
    නුඹ නැ දුක විතරයි මට.....:(

    ReplyDelete
  3. ප්‍රධාන කවි අදහස් කවි පිළිතුරු කවි ඔක්කෝම ලස්සනයි.
    මටත් කවියකින්ම යමක් කියා ගන්න බැරි වීම ගැන නම් දුකයි!

    ReplyDelete
    Replies
    1. කවියකින් නොවුනත්
      වටී මට නුඹෙ අදහස්
      නොවෙනු කිසිදා දුක්
      මෙන්න තුති මල් මිටක් නුඹටත්....

      Delete
  4. හරිම ලස්සනයි යාළු! :)

    ReplyDelete
    Replies
    1. ඔබගේ පුංචි වදනක්
      වටී මට කවි දහසක්
      පැමිණි නුඹ මට දිරියක්
      ස්තුතියි මගෙ යාළු නුඹටත්...

      Delete
  5. දුක පිරුනු කවියක් .... ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කාව්‍යා....

      Delete
  6. හරි හිතවත් කවියක්.

    ReplyDelete
  7. ස්තුතියි පියුමි

    ReplyDelete