Tuesday, July 24, 2012

ඇත්තම කතාවක්

මේක ඇත්තම කතාවක් කිව්වම අනිත්ව බොරු කතා කියලා හිතන්න එපා. මේ සිදුවීම මගේ ජීවිතයේ මං වැඩුපුරම දුක්වුනු සිදුවීමක්. මට ඉන්නේ අම්මයි අක්කයි අයියයි. අපේ තාත්තා අපි පුංචි කාලෙම නැතිවෙලා. අක්කයි අම්මයි තමයි ජීවිතේ බර කරට අරගෙන තියෙන්නේ. ඉති අවුරුදු 30 ත් පහු වෙනකම් ඉදලා අපේ අයියා මහණ වෙන්න ඕන කියලා කිව්වත් ඒත් අපි කවුරුවත් ඒකට කැමති වුනේ නැ. මොකද ඒකට අපිට අපේ හිත හදාගන්න බැරිවුනා. අම්මා එකම ඉල්ලීමක් කළා. ඒ තමයි නංගි කසාද බන්දලා දුන්නයින් පස්සේ යන්න .. එතකම් ඉන්න කියලා. ඒත් ඒ කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව එයා නොකියම යන්න ගියා. ආයෙත් සේරම කරදර ආවේ අක්කට. මමත් එතකොට ඉගෙනගන්නවා. මගේ අක්ක ඒ හැම දෙයක්ම උපේක්ෂාවෙන් භාර ගනිපු විදිය මතක්වෙද්දි ලියවුනු කවියක් මේක.

කසාවත සැහැල්ලු ඇති නුඹට
බරයි අපට මේ ජීවිතය
නොවිමසා හැඩුම් වැළපුම් කිසිවක්
නික්මුණා නුඹ ගිහි ගෙයින්
මුහුණ දෙන්නට මිස ජීවිතයට
පලා යන්නට දිරිය නැත මා හට
නුඹ තබා ගිය බරත් අරගමි හිස මතට
තවත් තිබේ නම් කරදර
දීපන් මල්ලියේ මේ හිසටම
නුඹ නිවන් දකින විට
මට  ළගයි අටලෝ දහම


 ප.ලි : වසර දෙකිකන් පස්සේ අයියා ආයෙම ආවා. මාව බන්දලා දෙන්න වෙන්න ඇති. ඒවට අහු‍වෙන්නේ නැ මං. මං මේ දවස්වල එයාටත් හොරා එයාට කෙල්ලෙක් හොයනවා.:P

මොනවා හරි කියලා යන්න......

10 comments:

  1. හ්ම්ම්.. ප්‍රශ්න වලින් පැනල යන්න නම් පැවිදි වීම සුදුසු දෙයක් නෙවෙයි. ඒත් ඇත්තටම ගිහි ජීවිතේ අත අරින්න හිතුන කෙනෙක්ව වලක්වන එකත් හොඳ නැහැ.
    කොහොම උනත් ඔයාගෙ අක්කා නම් පිදිය යුතු කෙනෙක්, ඒ වගේ සහෝදරියක් ලබන්න ඔයා පිං කරල තියෙන්න ඇති!

    ReplyDelete
  2. එයාට ප්‍රශ්න තිබුනෙ නම් නැහැ. ආගමට දහමට ගොඩක් නැඹුරු උනා හිටපු ගමන්.අම්මා ඉල්ලීමක් කරා විතරයි නංගි බන්දලා දෙනකම් ඉන්න කියලා.ඒත් එයා ගියා. ගියාට ආයෙම ආවා.ඒක එයාගේ ඉරණමේ ලියවිලා තිබුන විදිය වෙන්න ඇති. අක්කා ගැන නම් කියන්න වචන නැහැ. එයා තමයි ලෝකෙ ඉන්න හොදම අක්කා. අයියගෙයි මගෙයි බඩපුරවන්න නොකා හිටපු අක්කා.එයා ගැන වෙනම ලියන්නම් දවසක

    ReplyDelete
  3. අක්ක කෙනෙක් ඉන්න එක හිතට හයියක්...

    ReplyDelete
  4. ඔන්න මමත් ආවා මේ පැත්තට, ආව ගමන් හිතට දුකක් දැනෙන සිදුවීමක් කියෙව්වෙ මෙ අක්කා ගැන හිතට දැනෙන්නේ පුදුම පහන් හැගීමක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කාව්‍යා....අක්කා ගැන ලියන්නම් දවසක.. හරි දුකයි ලියන්න.. හැම වදනකම තියෙන්නේ කදුලු...

      Delete
  5. ඔව් අක්කා නොහිටියා නම් මෙහෙම අකුරු ලියන්න දන්න නංගියෙක් නැ.. එයා තමයි මාව ඉස්කෝලෙකට දැම්මේ

    ReplyDelete
  6. මගේ යාලුවෙකුත් මහණ උනා නංගි ගෙදර ඉද්දිම.. හැබැයි ඌ කරපු දේ හරි.. බැදීම් අඩුකරගන්න ජීවිතේ සමහර කැපවීම් කරන්න වෙනවා.. ඒක හැටිනේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පසන් අදහසට...ඔයාගේ කතාව ඇත්ත තමයි. ඒ ඒ ඇත්ත දරාගන්න හරි අමාරුයි.

      Delete
  7. මහණ වෙලා සිවුරු ඇරියත් එයාලගේ ජීවිත සාමාන්‍ය තත්වෙටම පත්වෙනවද කියන එක ගැටළුවක්. පස්වලින් මැටි හදලා ගඩොලක් හැදුවට ඒ ගඩොල ආයි කුඩුකලාම එන පස් මුලින තිබුණු පස්වලට වඩා හුඟක් වෙනස්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හසිත අදහසට...ඔය කියන වෙනසට අපිත් මුහුණ දුන්නා. ඒත් දැන් හැමදේම සාමාන්‍යයි... :)

      Delete