Saturday, July 21, 2012

අපි දෙන්නා

එයා තමයි මගේ අඹයා. අද එයාට මේ බොලොක්කය පෙන්නන්න හිතන් ඉන්න නිසා එයා ගැනත් ලියන්න හිතුනා. මොකද අපි දෙන්න තරම් බාල්දි පෙරලගනිපු කෙල්ලෝ දෙන්නෙක් තවත් නැතුව ඇති. අපි යාලුවො තමයි.ඒත් අඹ යාලුවො වුනේ 8 වසරෙදි. එදා ඉදන් අද වෙනකම් අඹයො.එයා නිලූ මම නිලා :P පන්තියේ 1 යි 2 යි හැමදාම. අපි දෙන්න තරමි පන්ති කට් කරේ නැ කිසිම ළමයෙක්. චක්කරේ බැරුව අව්වට වෙලා හිටිය හැටි තාමත් මතක් වෙනවා. මොකක් හරි මගඩි වැඩක් වුනොත් අපි දෙන්නගේ නම් දෙක ඒකෙත් තියෙනවා. හොද වැඩක් වුනොත් ඒකෙත් අපි දෙන්න ඉන්නවා. සාපෙළ කිට්ටු වෙනකොටත් හිතුනේ නැ පාඩම් කරන්න.අද වගේම එදත් වැඩ කරමු කියලා කියනවා විතරයි කරන්නේ නැ. කොහොම හරි ඒකත් පාස් කරලා උසස් පෙළට උසස් පාසලකට ඇතුලත් වුනා.
ඔන්න ඔයා කාලේ තමයි වැඩ්පුරම පිස්සු නටපු කාලේ. උදේට බස් එකේ එල්ලිලා යන්නේ තනි කකුලෙන්.ඒ තරම් සෙනග. නිලූ සාමාන්‍යයෙන් ඉතුරු රුපියලට බස් එක මැද්දේ රණ්ඩු අල්ලනවා. අපි දෙන්නට රුපියලත් හරි වටිනවා. අපි දෙන්නා ඉන්ටවල් එකට කන්න ගියාම ගෙදර යන්න තියෙන සල්ලි වලත් කාලා ඊළගට ඇටිකෙහෙල් කාපු උගුඩුවො දෙන්න වගේ බස් එකේ යන්න විදියක් නැතුව හන්දියට වෙලා ඉන්නවා අපේ අක්කා ඉස්කෝලෙ ඇරිලා එනකම් එයාගෙන් සල්ලි ඉල්ල ගන්න. එහෙම ඉල්ලගෙන තමයි ගෙදර ගියේ. අපි ටියුෂන් ගියේ අම්බලන්ගොඩ. බස් එකේ අම්බලන්ගොඩ කිට්ටු වෙනකොට නිලු මගෙන් අහනවා "ඒ බං අද පන්ති යන්නම ඕනද උඹට" ආයෙ ඉතං අහන්න දෙයක් නැ දෙන්නම පන්ති කට් කරනවා. ඒත් අපි කවදාවත් වැරැදි දෙවල් නම් කරේ නැ. ඒත් අයියෝ සල්ලි. බස්ටෑන්ඩ් එකේ තියෙනවා ලිට්ල් ලංකා කෑම කඩයක්. ඕකෙ කල්මරපු එක තමයි වැඩිපුරම කරේ. අන්තිමට අපි දෙන්නම කැම්පස් යන්න විභාගේ පාස් වුනා කිව්වම ඒකෙ ඉන්න සුදු මහත අයියා අපි දෙන්නට එයාගේ ගානේ පාටියකුත් දුන්නා. දැනුත් තනියෙන් ගියාම කෝ අනිත් නංගි කියලා අහනවා. ඒ තරමට අපි දෙන්නව මතකයි.ඉති එකට විභාගේ පාස් වුනාට මොකො දෙන්න ගියේ කැම්පස් දෙකකට :( මෝඩයෝ දෙන්නට තේරුනේ නැ එක කැම්පස් එකට සෙට් වෙන විදියට ඉල්ලන්න. කොහොම හරි මං පේරා. එයා කොළඹ. අවුරුදු 4ක් හිටියා. එයාට තිබුනා පට්ට පරණ ලව් එකක්.සාපෙ කරන කාලේ පටන් ගනිපු එකක්. ගිය අවුරුද්දේ දෙන්න බැන්දා. ඊට පස්සේ ලිට්ල් ලංකා එකට ගියාම අර අයියා මෙහෙම අහනවා. අනිත් නංගි නම් බැන්දා නේද? ඔයාට තමයි තාම බැරිවුනේ :/ අපි දෙන්නට කසාදේ තමයි එකට කරන්න බැරිවුනේ. ඉතිං බැදලා එයා මහත්තයගේ ගමේ ගියා. අපි ටික්ක දුරස් වුනා. ඒත් මොකද මන්දා හැමදාම හීනෙන් පේනවා. කරපු ජල්තර වැඩ මතක් වෙනවා. ඔන්න ඉති කෝල් කරනවා. නිලා ඔයා හොදින් නේද? මට උඹව හැමදාම හීනේන පේනවනේ බං. මං ඉතිං කියනවා මටත් එහෙමයි කියලා. ඔහොම හීන බල බල ඉදලා අන්තිමට අපි දෙන්න එකම ඔපිස් එකට පත්වීම් අරගෙන එනවා.:D ආයේ හොද කාලයක් වගේ. අපි උපාධිධාරී අභ්‍යාසලාභී අය නිසා අපිට නිවාඩු ගැනීම සපුරා තහනම්.ඒක ජොබ් එක ස්ථිර කරනකොට බලපාන්න පුලුවන් කියලා මතයක් හැදුන නිසා කවුරුත් නිවාඩු ගත්තේ නැ.

මෙච්චර දවස් හොදට හිටපු ළමයා මේ නිලු ආපු එකෙන් මොකක්ද දන්නවද උනේ. ඔපිස් එකේ අනිත් අක්කලා කියන විදියට නම් හොදටම වල් වෙලා. දැන් බබෙක් හදන එකත් පස්සට දාලා නිලු හිටියේ මාස 6 යනකම් නිවාඩු නැති නිසා. ඔන්න එක දවසක් මෙයා එනවා මුණත් බෙරි කරන්. අනේ බං ඇගටත් අමාරුයි වගේ.මං මේ බයෙන් ඉන්නේ.මිඩ්ඩෙන් පොස් වුනා බං :P :P (18 ට අඩු අය කැමති නම් කොටු දමාගන්න) ඔන්න ඔහොමයි මාස 6 ක් ඉන්න හිටපු අපේ නිලූ මාස 2 න් බබෙක් හැදුවේ.ඉති මං නරක් වෙන එක අහන්න දෙයක්යැ(වල්) ඉතිං මෙයා උදේට එනකොට අරගෙන එනවා ඇඹුල් මල්ලක්. ඒක වැඩිපුරම කන්නේ මං. යාලුවො අහනවා ඉතිං උඹලා දෙන්නගෙන් දැන් මොකාටද බබෙක් හම්බවෙන්න ඉන්නේ කියලා. ඒ තරමටම කට්ටියට හිතා ගන්න බැරිවුනා. මං ඇඹුල් කනවා පේනකොට අක්කල කියනවා උඔට නම් දෙයියන්ගෙම පිහිටයි නංගියේ. උඹ දැන් ඉදන් ඇඹුල් කාලා උඹට ඇත්තටම බබෙක් හම්බවෙන්න ඉන්න කාලේක උඹ මොනාම ඉල්ලයිද  දන්නේ නැ කියලා. ඒත් ඉති එහෙම වෙන්නම ඕනද ඇඹුල් කන්න.. නේද? :D

දැන් අපි දෙන්නම බලන් ඉන්නේ දුවෙක් වෙයි කියලා. එයාගේ මහත්තයා නම් කැමති පුතෙකුට. තාම අපි රස්තියාදු ගහන එක නම් නතර වුනේ නැ.ඔපිස් එකේ දීමනාව ලැබුනම අපි දෙන්න අම්බලන්ගොඩ දුවනවා. කාලා බීලා ෂොපින් කරන්න. ඉතිං ඔපිස් එකේ කටිටියට අතේ මාට්ටු වෙනවා. මේ නිලා නම් තව කමක් නැ ස්ටෑන්ඩ් ගානේ රස්තියාදු ගැහුවට මේ ළමයෙකුත් බඩේ තියාගෙන මේකිත් ඇවිදින හැටි. දැන් විජය කුවේණි එනකම් ඉන්නේ ඒකත් බලන්න යන්න :D 
දැන් මං බලන් ඉන්නේ බබා මං වගේ වෙනකම්.o.O .. නැ ඉති මං එක්ක වැඩපුර කාලේ ගෙවන නිසා සමහර විට එහෙමත් වෙන්න බැරි නැ නේද? එත් නිලු මෙන්න මෙහෙම කතාවක් කියනවා දරුවට ඇහෙන්න. "පැටියෝ ඔයා නිලා නැන්දා වගේ ලස්සන වෙන්න.. ඒත් නිලා නැන්දා වගේ මෝඩ වෙන්න නම් එපා" :P දවස තිස්සෙම මගේ කරච්චලේ අහගෙන ඉදලා දරුවා මං වගේ මොඩියෙක් වෙයිද මන්දා:/

තව කතන්දර නම් බොහොමයි...ඉස්සරහට කියන්නම්කෝ අප දෙන්න බුදු ගෙයක් ඇතුලේ සිරගත වෙලා හිටපු කතන්දරේ (වරදවා හිතන්න එපෝ...අපි අනුන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ගිහින් වෙච්ච ගිනි විජ්ජුම්බර තමයි ඔය)

17 comments:

  1. අප්පේ දෙන්නම දගකාරියෝ කියල නම දාන්න තිබ්බේ...හික්ස්....මුන් දෙන්නව ඔපිස්‌ දෙකකට දාන්න කියලා මහින්ද මාමට කියන්න ඕනේ.....:පි

    ReplyDelete
  2. හික්ස්....මහින්ද මමා එහෙම කලන්නේ නැ පී

    ReplyDelete
  3. බලමු බලමු ඉස්සරහට වෙන සීන්... :-))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. හිස නමා.. දණ්ඩ නමස්කාරය කර පිළිගන්නවා මගේ සුටි බොලොක්කයට ආපු අඩවි රාජතුමාව... :D

    ReplyDelete
  5. මමිත්‍රස්‍ය කුතඃ සුඛම් :)

    ReplyDelete
    Replies
    1. ඒක නම් තේරුනේ නැ

      Delete
    2. @ දගකාරී

      මිත්‍රයන් නැත්තා හට කුමන නම් සුවයක්ද ?

      Delete
    3. මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවති
      බිතු සිතුවම් රෑ මෙන් පිටු නොපා යති

      Delete
    4. @ දගකාරී

      ඔය කවිය සුභාෂිතේ නේද තියෙන්නේ ??

      Delete
  6. දඟකාරිට ගැලපෙන යාලුවා :D
    දඟකාරිටත් පෙලවහක් වෙන්න වෙයි නේද දැන් ඉතිං කල වයසත් හරිනෙ!

    ReplyDelete
    Replies
    1. හොදයි හොදයි දැන් නම් කාලේ හරි තමයි....:D

      Delete
  7. දගකාරි අස්වැන්නට ඇවිත් පා සටහනක් තබා ගොස් තිබුනා.. ඒ පා සටහන් ඔස්සේ තමයි පළමුවෙන්ම අද මේ පැත්තට ආවේ. ස්තූතියි අස්වැන්නට ඇවිත් ගියාට.

    සමහර වෙලාවට ජීවිතේටම එක යාලුවෙක් මතකයේ ඉන්නවා. ඒ මේ යාලුවා වගේ. මිතුරු තොමෝ දුක සැප දෙක පිටු නොපාවිතී කියල කියමනක් තියෙනවානේ..

    දැන් මේ පැත්තට දිගටම එන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි.. ගොඩක් සතුටින් පිළිගන්නවා..අපේ ජීවිතේ සමහර යාලුවො ඉන්නවා කොහේ හිටියත් මතකයෙන් ගිලිහෙන්නේ නැති.

      Delete
  8. අදමයි මේ පැත්තට ආවේ.. දැන් තමා තේරෙන්නේ අර බස්ටෑන්ඩ් එකේ ලිට්ල් ලංකා එක මෙච්ච්රට නැඟලා ගියේ ඇයි කියලා. මමත් ඔය කඩේ දියුණුවට ඔයාල වගේම දායක වෙලා තියනව. මටත් හිටියා ඔයවගේම යාළුවෙක් අපි දෙන්නාත් හැමදාම පන්තියේ එක හෝ දෙක.ඒත් කිසිම යටිකූට්ටු තිබුණේ නෑ. මම පේරා යනකොට යාළුව කොලඹ ගියා. දෙන්න නම් අද රට දෙකොනේ තොටුපළ දෙකක. මමත් ආයෙ පාසල් කාලෙට ගියා වගේ තේරුණා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි...තාමත් අම්බලන්ගොඩ ගියාම ලිටිල් ලංකා එකෙන් එහාට යන්න හිතෙන්නේ නැ..තොටියට වගේම තමයි මම පේරා යනකොට එයා කෙළඹ ගියා.ඒ සංසාරේ පුරුද්දක්ද මන්දා අපි දෙන්නා ආයෙම මුණගැහුනා.

      Delete
  9. මට දුක අර දරු පැටිය ගැන ( කියන්නෙ යාලුවගෙ මහත්තය)

    ReplyDelete
  10. දුවෙක්ට බලන් හිටියට අපි දෙන්නම පරාදයි......පුතු පැටියෙක් කියලා දොස්තර මහත්තය කිව්වලු....ඒ නිසා යාලුවගේ මහත්තය දිනුම්

    ReplyDelete