Friday, July 20, 2012

කවියක්ද මන්දා

මිනිස්සු සතුටටත් කවි ලියනවා. දුකටත් කවි ලියනවා. සමහර වෙලාවට ලියනවා නෙවෙයි ලියවෙනවා. ඒත් වැඩිපුරම කවි ලියවෙන්නේ දුකට වෙන්න ඕන.දවස ගෙවිලා යන්නත් ආසන්නයි. මොකක්දෝ නොතේරන හේතුවකට අද මං දුකින්. උදේ ඉදලම මොනා හරි වැදගත් දෙයක් ලියන්න ඕන කියලා හිතුවට අර නොතේරෙන වේදනාව මාව පස්සට ඇද්දා. ඒත් අන්තිම මොහොතේ හිතුන ඔන්න ඔහේ  කවියක් ලියන්න ඕන කියලා. ඒත් මේක කවියක්ද මන්දා.


පුස්කා ගිය රෙදි අතර
පරණ පෙට්ටගම්
අහුමුලුවල
පෙරල පෙරලා 
සෙව්වෙමි

වේයෝ කාවුන් කා
ඉරී ගිය පොත්
හැමතැනම

දුහුවිලි වැකුණු 
ලට්ට ලොට්ට ගොඩක් මැද
අපහසුවෙන් 
සොයා ගත්තෙමි
මගේම
සේයාරුවක්...පරණ
අයියෝ !!!
මගේ කැත !

4 comments:

  1. :D ඔය අපූරු කවියක් ලියල තියෙන්නේ. අයියෝ ඕකටද මේ ලමයා දුකෙන් ඉඳල තියෙන්නෙ? නෑ නෑ ඒ කාලෙත් ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. :D දුකෙන් හිටියෙ නම් ඕකට නෙවෙයි...ඇඩුවත් පෙරලුනත් උපන් කැත යවන්න හරි අමාරුයි :P

      Delete
  2. දැන් නාකි වෙලාද :D

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා...මට මතක තියෙන කාලෙ ඉදන් මං ඉන්නවා...:p

      Delete