Thursday, July 19, 2012

හන්තානට ලියූ කවිය




හන්තාන ගැන කියද්දි මේ ටිකත් ලියන්නම ඕන කියලා හිතුනා.  මං හිටියේ පේරාදෙණියේ සංඝමිත්තා හොස්ටල් එකේ. මං ඉතිං උදේ පාන්දර 8 ට විතර නැගිට්ල දොර ඇරපු ගමන් පේන්නේ සුන්දර හන්තාන කදුවැටිය. පාන්දර වැඩි හින්දද කොහෙද හැමදාම මිහිදුම් ටික දියවෙලා ගිහිල්ලා. ඉතිං එතකොට සේරම සිංදු මතක් වෙනවා. හන්තානට පායන සද , හන්තාන අඩවියේ,හන්තාන දෙසින් එන,සරසවියයි හන්තානයි මහවැලි ඉවුරයි.... ඔය සේරම මතක් වෙනවා. ප්‍රේමය ,ආදරය , විරහව.. ඔය හැම දෙයක්ම ඔය ගීත වල තියෙනවා. 

ඔය දවස්වල අපි විභාගෙට පාඩම් කරනවා.පැවරුම් ලියනවා. එක එක දේවල් ඉතිං. කන්න බොන්න නාන්න වත් වෙලාවක් තිබුනේ නැ. ඉතිං ඔහොම ඉන්න කොට තමයි මට මේ අදහස ආවේ.

හන්තානට
නිම්නැති කලාවන්
වනපොතට මිස
නැත වෙලාවක්
නුඹ දෙස බැලීමටවත්

ගොනු කරන් සියලු දුක් 
හදවතට
ගිරි හිස දිනන තෙක්
හසරැලි සලන හැටි
මානව මානවිකාවන්
දැනුනිද නුඹට ඒ...,
සිනහ යට ඇති වේදනාවන්....

14 comments:

  1. ම්ම්ම්ම්.. අදමයි මේ පැත්තට ආවේ.. බලමුකෝ ඉස්සරහට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආවට....පටන් ගත්ත විතරයි.. කම්මැලි කෙල්ල කොයි තරම් කල් මේකත් එක්ක ඉදිවිද දන්නේ නැ

      Delete
  2. කවිකාරියක් එහෙම නම් :)

    ReplyDelete
    Replies
    1. යාලුවො නම් එහෙම කියනවා....:)

      Delete
  3. සරසවි කෙල්ලකගේ තිත්ත ඇත්ත හරි ලස්සනට අකුරු අතර හිර වෙලා!!හරිම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි...

      Delete
  4. සහතික ඇත්ත! අද කාලේ කිසිදේක සුන්දරත්වයක් විදින්න තරම් ඉස්පාසුවක් සරසවියට නැහැනෙ. දවස පුරා පොත්ගොඩ බදාගෙන ඉන්න තමා වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක මේ අධ්‍යාපන රටාවේ වැරැද්ද? හැමෝම ඉන්නේ තරගෙක...අන්තිමට ඉතුරු වෙන්නේ අකලට විඩාබර වුනු ඔළු ටිකක් විතරයි.

      Delete
  5. හිතට වදින පැදි පෙළක්,,,,

    දුම් ගසන වාහනත්
    ගිනි ගෙන දැවෙන
    ගෙන්දගම් පොළවත්
    හැර කොළඹට
    වෙන කිසිත් නැත උරුම....

    ReplyDelete
  6. ස්තුතියි දූපත් වැසිය ට මේ පැත්තට ගොඩ වැදුනට...

    ReplyDelete
  7. කවියෙන් කියන් දේ නම් ඇත්තම ඇත්ත.......
    මාක්සෙකේ ඉන්න අපටත් ඔය ටිකම තමයි....

    ReplyDelete
    Replies
    1. හ්ම්.... සරසවියේ ගොඩ දෙනෙක්ගේ ජීවිත ඔය වගේ තමයි...

      Delete