Wednesday, July 18, 2012

මගේ අම්මා

2008 වසරේ මම ලියපු කවියක් ...
නුඹ වින්ද දුකෙන් උපනෙන්.. මේ කවි මගේද නොදනිම්.......




මගේ අම්මා

ජීවිතය අරන් 
හිස මතට
පාලු දෙණියේ
හීන වැපිරෑ කළ
නොකල

හිරු උණු  වී වැගිරුනා
මහ පොළවට
නුඹ රූස්ස ගසක් සේ 
සෙවන වූවා
පුංචි පැළපතට

කදුලා සගවා නෙතු යටම
පෙමෙන් පුරවා හදවත
සතුට දන් දී අපට
නුඹ
උන්නා මුනිවතින්
දරාගෙන සියල්ල
නිසසලව.....


නුඹේ අම්මා ගැනත් කියලම යන්න....

7 comments:

  1. මා දන්නා කවිකම්
    නුඹ ගැන ලියන්න
    මදි අම්මේ..

    ජය වේවා!!

    බොහොම කාලෙකට කලින් මාත් මෙහෙම එකක් ලිව්වා!!
    http://www.arunalla.tk/2011/09/blog-post_5044.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වුවට..

      අම්මා තමයි හැමදේකම උල්පත....

      Delete
  2. මව් ගුණ සුවඳ හැමදාටමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හසිත.අදහස් දැක්වුවට...

      Delete
  3. අපූරුවට මව් ගුණ ගොනු කල කවි පෙලක්! වටිනවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිමන්....අම්මා ගැන ලියලා ඉවර කරන්න බැහැ කවදාවත්

      Delete
  4. බුදු ගුණ මෙන්න මව් ගුණද අනන්තය...

    ReplyDelete