Tuesday, July 17, 2012

උපාධිධාරින්ගේ සම්මුඛ පරීක්ෂණය

රාජ්‍ය සේවයට පය තැබීම - පළමු කලකිරීම


රාජ්‍ය සේවයට පා තැබීම යනු එක්තරා සිහින සැබැවීමකි. මන්ද එය පහසු කටයුත්තක් නොවන හෙයිනි. එය තරගකාරී තරග විභාගයන්ට මුහුණ දීමෙන් හෝ සම්මුඛ පරීක්ෂණයක් සමත් වීමෙන් හෝ උපාධිය සමත් වීම නිසා හෝ හිමිවන අවස්ථාවකි. ඒ ජනතාව වෙනුවෙන් සේවය කිරීම සදහාය.

 මා රාජ්‍ය සේවය සදහා සූදානම්ව සිටින මොහොතක (සියලු සුදුසුකම් සපුරා - උපාධිධාරී අභ්‍යාසලාභී) අපගේ තනතුරු ස්ථිර කිරීම සදහා ආර්ථික සංවර්ධන අමාත්‍යාශය මගින් සම්මුඛ පරීක්ෂණය සදහා කැදවීම් ලිපි ලැබුනා. ඒ කියන්නේ ගාම නිළධාරී වසම් වල තනතුරු වලට තෝරා ගන්න තමයි මේ සම්මුඛ පරීක්ෂණය තිබුනේ. මම සහ අපේ කිප දෙනෙක් පුද්ගලිකව මෙම තනතුරු සදහා කැමති නැ..හේතුව ලොක්කොන්ට කඩේ යන්න කැමති නැති නිසා. ඉතින් සම්මුඛ පරීක්ෂණය තිබුනේ ...............

දැන් ඉතිං අකමැත්ත ප්‍රකාශ කරන්න කියලා හිතාගෙන ඔන්න ගියා සම්මුඛ පරීක්ෂණයට. සම්මුඛ පරීක්ෂණය මෙහෙයවන්න එක එක ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාශයට වෙන වෙනම කණ්ඩායම් හිටියා. ඇතුලට යන කොටම  ගාම නිළධාරී වසමක සේවය කිරීමට කැමතියි හෝ අකමැතියි කියලා ලියන්න පොඩි පේපර් එකක් දුන්නා. දැන් දෙයියනේ කියලා පොල් ගෙඩි අකුරින් ලිවුවා අකැමැත්ත. අවස්ථාව එනකම් වාඩි වෙලා ඉන්න කොට මෙන්න බොලේ ඉන්ටර්ව්ව බෝඩ් එක අස්සේ අපේ ඇමති තුමාගේ ඇම්බැට්ටයෙක්. මේකා අපි ළගටත් ඇවිත් කියනවා වසමකට කැමතියි කියලා දාන්නලු. පුහ්.. මං නම් නෙවෙයි සත පහකට ගනන් ගත්තේ.

දැන් ඔන්න මගේ අවස්ථාව.බැරෑරුම් විදියට මාත් ගියා සහතික මිටියත් අරගෙන.ඉන්ටව්ව් බෝඩ් එකේ තුන් දෙනෙක් හිටියා. මුලින්ම දුන්න අකැමැත්ත ලියපු කොලේ. ඒක දැකපු ගමන් එක මහත්මයෙක් අනිත් කෙනොගේ කණට කොදුරලා මෙහෙම කියනවා. "මෙයාගේ නමත් ඇමතිතුමාගේ ලිස්ට් එකේ තියෙනවා. ඒත් මෙයා එපා කියනවා.. මේකට මොකද කරන්නේ" ඔන්න මට තරු පෙනුන වෙලාව. ඇයි දෙයියනේ මොකාද මේ ඇමතියෙක්ගේ ලිස්ට් එකට මාව ගාව ගත්තේ.  ඒ ගමන අනිත් කෙන‍ා කියනවා මෙයා අකමැතිනම් කරන්න දෙයක් නැ නම කපන්න.
එතකොට මේ ඉන්ටර්ව්ව එක සමුපූර්ණයෙන්ම වංචාවක්. ඇමතිගෙ ලිස්ට් එක ළග තියාගෙන තමයි මේ සේරම කරන්නේ. මං ඇමතිතුමාට බය‍වෙලා  හා කමක් නැ මගේ නම තියෙනවා නම් මං ජොබ් එකට කැමතියි කිව්වනම් ඔය ජොබ් එකට ඇත්තටම කැමති කෙනෙකුට ඒ අවස්ථාව නැති වෙනවා. එතනින් ආවෙම හිත කළකිරීමෙන්. කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඕව මොනවද ඕව අද සාමාන්‍ය දේවල් කියලා.. ඒත් රාජ්‍ය සේවයට අඩිය තියන්න බලන් ඉන්න අපි වගේ අයට ඔය වගේ අද්දැකිමකට මුලින්ම මුහුණ දෙන්න සිදු වුනහම හිතට දැනෙන කළකිරීමෙන් සදහටම රාජ්‍ය සේවය එපා වෙන්නත් ඉඩ තියෙනවා. ඊටත් හපන් වැඩේ තමයි ඇමති ‍ගෝලයෙක් කොල් කරලත් අහනවා ඔයාට ඕන වසම මොකක්ද කැමති එකකට දාලා දෙන්නම් කියලා. අපිට ආදරේට වේන්න ඇති :P

මේක ඇතුලේ තව කතන්දර ගොඩක් තියෙනවා. හිතේ තියෙන කළකිරීම නිසාමයි මේ ටිකත් ඔහේ ලියලා දාන්න හිතුනේ. ඔලුව කෙලින් තියන් වැඩ කරන්න පුලුවන් රැකියාවක් සදහා ස්ථිර ‍වෙනකම් උපාධිධාරි අභ්‍යාසලාභී හොදයි කියලා හිතුනා. තව ලියන්න ගොඩක් දේවල් තිබුනත් ටිකක් පරිස්සම් වෙන්න ඕන. හෙට වෙද්දි නාදුනන තුවක්කු කාරයෙක් වෙඩි තියලා යයි ද දන්නෙත් නැ.. එහෙම කාලයක් නේ මේක.

මන්ත්‍රීලගේ ලියුම් වලට රස්සා දෙන්නේ මෙහෙ නෙවෙයි නේද? 

ඔබගේ අදහස් උදහස් හරි වටිනවා....

3 comments:

  1. රාජ්‍ය සේවය හැසිරවීම ආණ්ඩුඅව යටතට ගත්ත දවසේ ඉදලා වගේම ස්වාධීන කොමිෂම් සභා නැතිවුනු දවසේ ඉදලාම රාජ්‍ය සේවය විතරක් නෙමේ බොහොමයක් ස්වාධීන ආයතනවලට දේශපාලුවන්ගේ අත කොලු වෙන්න තමා

    ReplyDelete
  2. මේ අලුතින් දෙන අභ්‍යාසලාභී පත්වීම් කියල කරන්නේ තනිකර බොරුවක්!!කරන වැඩකුත් නෑ!නිකම් රටේ අනාගත ශ්‍රම බලකායගේ වටිනා කාලය නාස්ති කරනවා විතරයි!ඊට වඩා හොඳයි ගෙදරට වෙලා නිදා ගන්නවා!

    ReplyDelete
  3. ස්තුතියි අදහස් වලට. මේ උපාධිධාරී පත්වීම් වලට ආපු දවසේ ඉදන් බොරු කරන විදිය නම් හොදට ඉගැන්වුවා. ඇත්තටම හිතේ තියෙන්නේ පුදුම කලකිරිමක්. අපේ කාලය නිස්කාරනේ නාස්ති කරලා අපිව කම්මැලියො ටිකක් කරා.

    ReplyDelete