Saturday, July 14, 2012

පොත් පිස්සුව

පොත් ගුල්ලො කිව්වේ....ඔය අවුරුදු ගානකින් අතකින් තියා ඇගිල්ලකින් වත් ඇල්ලුවේ නැති පොත් ගොඩවල් අතුලට වෙලා ඒවා ආරක්ෂා කරගෙන ඉන්න අයට ‍නෙවෙයි. පිස්සුවෙන් වගේ නොකා නොබී පොත් කියවන අයට. අපොස උපෙ කාලේ තමයි පොත් කියෙව්වේ වැඩිපුරම. විභාගෙට භය වුන නිසාද මන්දා පුදුම පොත් ගොඩක් කියෙව්වා. ඒවා කියෙව්වේ අම්මගේ කණින් රිංගලා. ඒ කාලේ ඒක ජොලි වැඩක් උනාට දැන් නම් අම්මා පව් කියලත් හිතෙනවා. ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් කරන්නේ බත් එකත් අරගෙන පොතකුත් අරගෙන මේසේට වාඩි වෙන එක. බත් කන්න පැය දෙක තුනක් යනවා.. අම්මා නම් කියන්නේ මං කැවේ බත් නෙවෙයි පොත් කියලා. ඒ විදියට පොත් කැවට විභාගෙට ඕන පොත් නම් කන්න හරිම අමාරුයි. ප්ලේටෝලා ඇරිස්ටෝටල් ලා මොනවට ඉපදුනාද කියලා හිතුනා එතකොට.
කාලය දැන් වෙනස් වෙලා.. ඒත් පොත් පිස්සුව හොද වෙලා නැහැ. දැන් කියවන්නේ ඊබුක්. බානවා කියවනවා.ආයෙත් බානවා.දැන් අලුතෙන්ම හැදුනු පිස්සුව තමයි බ්ලොග් කියවන එක. කියවලා කියවලා අන්තිමට හිතුනා මාත් මක්කා හරි ටිකක් ලියන්න ඕන කියලා. ලියන්න නම් ඕන තරම් දේවල් තියෙනවා. ටිකක් පිස්සු කේස් එකක් නිසා කොතන ගියත් කේස් එකක් දා ගන්නවම තමයි. උදේ ඔපිස් යන්න නැගිටින වෙලාවේ ඉදලම කතන්දර තමයි ඉතිං. කේස් කිව්වට වලි නම් නැහැ අනේ. මං හරි හොදයි ඩී. ගෙදර ක‍ට්ටියට තමයි ඉතිං :( දැන් ඉති පොතුත් කියවලා, ඊබුක් කියවලා බ්ලොග් කියවලා පට්ටපට දැනුමක් අරන් තියෙන්නේ. ඒ නිසා  ඉස්සරහට ලියන්න හිතන් ඉන්න එව්වා තේරේවිද මන්දා :P



2 comments:

  1. ඊ බුක් එකක් කියවනවාට වඩා ඇත්තටම පොතක් අතේ තියාගෙන කියවන එකේ ගතියක් තියෙනවා......

    …මේ word verification එක අයින් කරනවා නම් හුඟක් හොඳයි :)

    ReplyDelete
  2. ඔව්. පොත් කියවන එක හරියට භාවනාවක් වගේ. ඊ බුක් හොදයි ඉතිං වෙන නැතුවට.
    ඔන්න word verification එක අයින් කරා

    ReplyDelete